slc
Home   |    News
අගෝස්තු 13, 2021
දසුන් ශානකගේ ග්‍රේස් පළමු ජය වාර්තා කරයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත් වෙමින් ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ලබා ගන්නා ද ලකුණු 84 ත් පුලින තරංගගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් පිලට එරෙහිව අද (13 දා) පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන්යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹා ගිය ග්‍රීන්ස් පිලට පන්දුවාර 20 ක් අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17 ක් අවශ්‍ය වූ අතර එම පන්දුවාරය යැවූ නුවන් ප්‍රදීප් පන්දුවාරය ලකුණු 15 කට සීමා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

දෙවැනි පන්දුවාරයේදී මහේල උඩවත්ත සහ ළහිරු උදාරව දවා ගත් අෂේන් ඩැනියෙල් ග්‍රේස් පිලට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා දුන් නමුත් තෙවැනි කඩුල්ලට එක් වුණු කමිඳු මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ලකුණු 102 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු ඉනිම ගොගත්හ. පන්දු 77 ක් පමණක් වැය වුණු මෙම සම්බන්ධතාවයේදී කැපී පෙනුණු කමිඳු මෙන්ඩිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමඟ ලකුණු 74 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් පැතුම් නිස්සංක හතරේ පහර 5 ක් සමඟ පන්දු 36 කදී ලකුණු 45 ක් ලබා ගත්තේය.

පුලින තරංගගේ විසින් යවන ලද පන්දු 5 කදී පැතුම් නිස්සංක, නායක අශාන් ප්‍රියන්ජන් සහ කමිඳු මෙන්ඩිස් තිදෙනාම දැවී යෑම, තරගයේ වැඩි වාසි ග්‍රේස් කණ්ඩායමට හිමි වුණු හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි ඉෂාන් ජයරත්න පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් රැස් කරන ලද ලකුණු 20 නිසා තරගය නැවතත් දෙපිළටම විවෘත විය.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ ජයරත්න තරග ඊළඟ පන්දුවේදී දෙවැනි ලකුණ ලබා ගැනීමේ අරමුණින් කඩුලු අතර දිව ගියද එය ලකුණකට සීමා වීම නිසා පන්දුවට පහර දීමේ අන්තය ඔහුට අහිමි විය. ඒ අතරින් වාසිය ගත් ප්‍රදීප් ඊළඟ පන්දු හතර 3, 2, 1, 2 වශයෙන් යැවීමට සමත්වීම නිසා ලකුණක තියුණු ජයක් ග්‍රේස් පිලට අත්විය.

පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සේවය ලබා ගත් ග්‍රේස් ඉනිමේ සිය පන්දුවාර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගනිද්දී අෂේන් ඩැනියෙල් ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමේදී පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් ඉදිරි පෙළ කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි දසුන් ශානක නායකත්වයේ වගකීම කරට ගනිමින් ක්‍රීඩා කොට අගනා ලකුණු 84 ක් රැස් කරගත්තේය. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයද දසුන් ශානකට හිමිවිය.

පන්දු 41 කදී වාර්තා වුණු එම ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත්ව තිබිණ. එම ඉනිම ක්‍රියාත්මකවීමේදී චතුරංග ද සිල්වා සමඟ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 48 ක්ද පුලින් තරංග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 56 ක්ද රැස් කිරීමට දසුන්ට අවස්ථාව උදාවිය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest