slc
logo
Home   |    News
අගෝස්තු 30, 2021
නව දේශීය ක්‍රිකට් ව්‍යුහයට සාමාජිකයින්ගේ අනුමැතිය

sinhala editor

දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය නව මාවතකට යොමු කරමින් රවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද නව දේශීය තරගාවලි ව්‍යුහය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය ඒකමතිකව සිය අනුමැතිය ලබා දී තිබේ.

ඉකුත් 28 වැනිදා පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේදී උක්ත කරුණ සඳහා අනුමැතිය හිමිවූ අතර ඊට අමතරව 2016 අංක 01 දරණ ජාතික ක්‍රීඩා රෙගුලාසි වලට අනුකූලව විගණකාධිපතිවරයා විසින් සහතික කරන ලද 2020 අදාළ අවසන් මූල්‍ය වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රකාශ සඳහාද සාමාජිකයින් අනුමැතිය ලබා දී තිබේ.

පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙම අති විශේෂ මහ සභා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee