slc
logo
Home   |    News
අගෝස්තු 16, 2021
පිට පිටම තෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනූ දසුන් පළමුව පන්දුවට පහර දෙයි

sinhala editor

ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය වන ග්‍රේස් සහ බ්ලූස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ග්‍රේස් නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශානක මෙම තරගාවලියේ කාසියේ වාසිය පිට පිටම දිනූ තෙවැනි අවස්ථාව වශයෙන්ද මෙය සනිටුහන් විය.

මෙතෙක් තරගාවලියට සහභාගිවුණු තරග 2 න් දෙකම ජයග්‍රහණය කර සිටින ග්‍රේස් සහ බ්ලූස් අතර තරගය වඩාත් අවධානය යොමුවී තිබෙන තරගයක් බවට පත්වී ඇත්තේ තරගාවලියේ තවදුරටත් අපරාජිතයින් කවුරුන්ද යන්න තරගයේ ප්‍රතිඵලය මත විසඳෙන බැවිනි. ‍

කෙසේ වෙතත් අද තරගයේදී බ්ලූස් පිලේ නිත්‍ය නායක ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්ව සිටින අතර ඔහුට අමතරව අද තරගයේදී වේග පන්දු යවන ඩිල්ෂාන් චතුරංගව කණ්ඩායමට කැඳවා තිබේ. දෙවැනි තරගයේදී ආබාධයකට ගොදුරු වුණු ග්‍රේස් පිලේ මිලින්ද සිරිවර්ධනට සහ පිතිකරුවකු ලෙස රිද්මය ගොඩ නඟා ගැනීමට අපොහොසත් වුණු නුවනිඳු ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබෙන අතර ඒ වෙනුවට උප නායක චරිත් අසලංක සහ උදිත් මදුශාන් නම් කරමින් අවතීර්ණව සිටියි.

ග්‍රේස් – මිනෝද් භානුක, කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, දසුන් ශානක, චරිත් අසලංක, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, නුවන් ප්‍රදීප්, පුලින තරංග, උදිත් මදුශාන්, අෂේන් ඩැනියල්.

බ්ලූස් – සධීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, ධනංජය ද සිල්වා (නායක), ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මදුශංක, මහීෂ් තීක්ෂණ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee