slc
Home   |    News
සැප්තැම්බර් 9, 2021
යොවුන් සංචිතයටත් නේවාසික පුහුණු කඳවුරක්

sinhala editor

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයින් සඳහාද නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතය දින 22 ක කාලයක් පුරා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පුහුණු කඳවුරට සහභාගිවනු ඇත. මෙම පුහුණු කඳවුර ජෛව පරිසරයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

නිපුණතා පුහුණුව, ශාරීරික යෝග්‍යතාවය, තරග අවස්ථා සහ පන්දුවාර 50 කින් සමන්විත පුහුණු එක්දින තරග 3 කින් එම සමන්විත පුහුණු කඳවුර සැප්තැම්බර් මස 09 වැනිදා ආරම්භ වනු ඇත. දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද වැඩසටහනේදී තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 තෝරාගැනීමට පියවර ගෙන තිබේ.

ජාතික කණිෂ්ඨ තේරීම් කමිටුව විසින් සිදුකරන ලද එම තේරීම් වලට පෙර ක්‍රීඩකයින් 75 දෙනාම නේවාසික පුහුණු සටහනක් පල්ලකැලේදී පැවැත්විණ. ඒ අනුව මෙම නේවාසික පුහුණු කඳවුර යොවුන් පුහුණුකරු ලෙස අලුතින් පත්වීම් ලද අවිෂ්ක ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වේ. මෙම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දනද, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේද, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණද සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශනද කටයුතු කරති.  

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest