slc
Home   |    News
සැප්තැම්බර් 9, 2021
ලෝක කුසලානයට පෙර කාන්තා ක්‍රීඩිකාවන්ට නේවාසික පුහුණුවක්

sinhala editor

අනාගත සංචාර සහ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම් වීම සඳහා ක්‍රීඩිකාවන් 23 න් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම පුහුණු කඳවුර සැප්තැම්බර් මස 09 වැනිදා ආරම්භ වනු ඇත.

ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටිති. මෙම පුහුණු කඳවුර කාන්තා ක්‍රීඩිකාවන් සඳහා උසස් කාර්යය සාධන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන පී. සරා පිටියේදී පැවැත්වෙනු ඇත. මෙහිදී කුසලතා වර්ධනය, ශරීර සුවතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය සහ අභ්‍යන්තර කණ්ඩායම් යන පුහුණුවීම් වලින් සමන්විත වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම සංචිතය කාන්තා ක්‍රිකට් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඔහුට අමතරව වේග පන්දු පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා, දඟ පන්දු පුහුණුකරු ලෙස දිනුක් හෙට්ටිආරච්චි යන මහත්වරුන් කටයුතු කරති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest