slc
Home   |    News
සැප්තැම්බර් 14, 2021
වෙනස්කම් 3 ක් සමඟින් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයේ ද කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මේ වන විටත් තරගාවලිය 2-0 ක් ලෙස දකුණු අප්‍රිකානු පිල ජය ගෙන සිටින නමුත්, පූර්ණ තරගාවලි පරාජයකින් බේරීම සඳහා අද තරගයේ ජය ශ්‍රී ලංකා පිලට අනිවාර්යය වනු ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් 3 ක් සිදුකරමින් අවතීර්ණව සිටින අතර දකුණු අප්‍රිකාව ඇන්රිච් නෝයේ වෙනුවට වියෑන් මල්ඩර්ව කැඳවමින් තරග වදියි.

සිදුකරන ලද වෙනස්කම් අතර අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සහ ළහිරු මදුශංක අවසන් 11 දෙනා අතරට පැමිණ සිටින අතර දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක සහ ප්‍රවීන් ජයවික්‍රමව විවේක ගන්වා තිබේ. පල්ලකැලේ පැවැති ආරාධිත විස්සයි-20 තරගාවලියේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගත් කමිඳු සහ ළහිරු මීට පෙර විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඇත්තාහ.

විසි දෙහැවිරිදි කමිඳු මෙන්ඩිස් 2018 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් විස්සයි-20 තරගයට ක්‍රීඩා කර තිබෙන අතර ළහිරු මධුශංක 2019 වසරේදී පාකිස්තානයට එරෙහිව තරග වැදී තිබේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් තරගයට අවතීර්ණ වද්දී දකුණු අප්‍රිකානුවෝ ඔවුන් සතු උපරිම දඟ පන්දු ශක්තිය ඇතිව අද තරගයට අවතීර්ණව සිටිති.

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු,  භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු මදුශංක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.

දකුණු අප්‍රිකාව – රීසා හෙන්ඩ්‍රික්ස්, කුවින්ටන් ඩි කොක්, ඒඩ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසන්,  ඩ්වයින් ප්‍රෙටෝරියස්, කේෂව් මහරාජ් (නායක), වියෑන් මල්ඩර්, කාගිසෝ රාබඩා, බියෝර්න් ෆෝටේයින්, ටබ්‍රේස් ශම්සි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest