slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2021
දකුණු අප්‍රිකාව පන්දුවට පහර දෙයි

sinhala editor

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේදී කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායක කේෂව් මහරාජ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. අද තරගය සඳහා එක්දිස තරගාවලියට සහභාගිනොවුණු කුවින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් දෙදෙනාම දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩා කරති.

දෙවැනි එක්දින තරගය පැවැති තණතීරුවේදී අද තරගය පැවැත්වෙන බැවින් මෙය බොහෝ විට දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා වැඩිපුර දැක ගත වනු ඇතැයි අපේක්ෂා කළ හැක. මෙම කරුණ ප්‍රධාන කොට තෙවැනි එක්දින තරගයේදී මංගල තරග වරම් දිනා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු මහීෂ් තීක්ෂණට අද තරගයේදී විස්සයි-20 වරමද හිමිව තිබේ. ඔහුට අමතරව වනිඳු හසරංග සහ අකිල ධනංජය දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටිති.

පළමු එක්දින තරග දෙකට සහභාගිව එහෙත් ලකුණු අතරට නොපැමිණි භානුක රාජපක්ෂට අද තරගයේදී ද අංක 3 පිතිකරුගේ වගකීම හිමිව තිබේ. කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහි තරගාවලියට ඇතුළත් නොවුණු දිනේෂ් චන්දිමාල් අවිෂ්ක ප්‍රනාන්දු සමඟ ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දකුණු අප්‍රිකාව – රීසා හෙන්ඩ්‍රික්ස්, කුවින්ටන් ඩි කොක්, ඒඩ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසන්, ඩේවිඩ් මිලර්, ඩ්වයින් ප්‍රෙටෝරියස්, කේෂව් මහරාජ් (නායක), කාගිසෝ රාබඩා, බියෝන් ෆොන්ටේයි, ඇන්රිච් නෝයේ, ටබ්‍රේස් ශම්සි.

ශ්‍රී ලංකාව – අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee