slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2021
කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු යවයි

sinhala editor

කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු යවයි
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමට පහසුම අවස්ථාව බවට පත්ව තිබෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය වන අයර්ලන්තයට එරෙහි පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනූ ප්‍රතිවාදීන් පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියේය.
පළමු තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායම එකම වෙනස්කමක් හෝ නොකරමින් මෙම තරගයට ශ්‍රී ලංකා පිල අවතීර්ණව සිටියි. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී අදහස් දක්වා සිටි අර්යලන්ත නායක ඇන්ඩෘ බ්ලබරින් සඳහන් කර සිටියේ රාත්‍රී කාලයේදී පිණි සහිත තත්ත්වයක් ඇතිවීමේ ඉඩ කඩක් ඇති බැවින් පන්දු යැවීම තෝරා ගත් බවයි.
කෙසේ වෙතත් කාසියේ වාසියේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, මෙය පන්දුවට පහර දීම සඳහා ඉතා හොඳ තණතීරුවක් බවයි. මෙහිදී පවර් ප්ලේ අවස්ථාවේදී පන්දුවට පහර දීම ගැන බොහෝ දේ සාකච්ඡා කර සිටින බව සඳහන් කර සිටි ශ්‍රී ලංකා නායකයා පළමු තරගයේදී ක්‍රීඩා කළ ආකාරය මත කණ්ඩායම තුළ ඉතා විශිෂ්ඨ විශ්වාසයක් ගොඩ නැඟී තිබෙන බව සඳහන් කර සිටියේය.
මෙම තරගයට පෙර දෙපිළම එක තරගය බැගින් ජයග්‍රහණය කර සිටින බැවින් තරගයේ ජය වාර්තා කරනු ලබන කණ්ඩායම සුදුසුකම් ලැබීමේ ‘ඒ’ කාණ්ඩය යටතේ පළමුවෙන්ම සුපිරි 12 කණ්ඩායම් අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර.
අයර්ලන්තය – පෝල් ස්ටර්ලින්ග්, කෙවින් ඕබ්‍රියන්, ඇන්ඩි බල්බරින්, ගැරත් ඩෙලනි, කර්ටිස් කැම්පර්, හැරී ටෙක්ටර්, නීල් රොක්, සිමි සිං, මාර්ක් අඩයර්, ජොෂ් ලිට්ල්, ක්‍රෙග් යංග්.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar