slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2021
තියුණු තරගාවසානයේදී ශ්‍රී ලංකා යෞවනයෝ දෙවැනි ජයත් ලබති

sinhala editor

Chamila Karawita reporting from Dambulla

අඩු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳෙව්වද සිය සටන්කාමීත්වයෙහි කිසිදු අඩුවක් නොපෙන්වමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යෞවනයේ බංග්ලාදේශයට එරෙහිව අද (18 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය. එම ජයත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පෙරමුණ ගෙන සිටියි.

පන්දුවෙන් පන්දුව ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ කවර් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි පවන් පතිරාජ වෙත පැමිණි පන්දුව රැගෙන පන්දු යවන්නාගේ කඩුල්ලටම එල්ල නොකරන්නට තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් කතාවකි. එම ලකුණ සම්පූර්ණ කිරීමට අවසන් පිතිකරුවන් යුගලය සමත්වූයේ නම් දෙපිළේම ලකුණු සම තත්ත්වයට පත්වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වුවත් පතිරාජගේ දක්ෂතාව නිසා බංග්ලාදේශ ඉනිම පන්දුවාර 49.3 කදී ලකුණු 227 කට සීමා විය.

බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා මතීෂ පතිරණ විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ලකුණු 8 ක් ලබාගත යුතු වුණු අතර ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ එක් කඩුල්ලක් පමණි. එහෙත් පළමු පන්දුවටම ලකුණු 4 ක් ද ඊළඟ පන්දුව වයිඩ් පන්දුවක් ලෙසින්ද සටහන්වීම නිසා බංග්ලාදේශ පිල ජයග්‍රහණය පන්දු 5 කදී ලකුණු 3 ක් වශයෙන් වඩාත් කිට්ටු විය. කෙසේ වෙතත් පන්දු රැකීමේදී පවන් දක්වන ලද දක්ෂතාවය නිසා අවාසිදායක තත්ත්වයකට පත්වන්නට ගිය තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.  

ලකුණු 229 ක ඉලක්කය හඹා යෑමේදී පළමු පන්දුවාර විස්සදී එක් කඩුල්ලක් දැවී ලකුණු 90 සීමාවට පැමිණීමට බංග්ලාදේශ යොවුන් පිතිකරුවන් සමත්විය. එහිදී සාර්ථක ආරම්භයක් ලබා දුන් මෆිජුල් ඉස්ලාම් පන්දු 96 කදී ලකුණු 75 ක්ද ඉෆ්තිකාර් හොසේන් පන්දු 31 කදී ලකුණු 36 ක්ද වාර්තා කළහ. දෙදෙනාම හයේ පහර බැගින් ඉනිමට ඇතුළත් කරද්දී ඉස්ලාම් හතරේ පයහර 8 කින් සහ හොසේන් හතරේ පහර 5 කින් ඉනිම අලංකාර කර ගත්හ.

ශ්‍රී ලංකා පන්දු රැකීම ගත් විට උඩ පන්දු කීපයක් ගිලිහී යෑමත් නවතා ගත හැකිව තිබූ හතරේ පහර කීපයක් පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම කණගාටුදායක විය. එහෙත් තජිබුල් ඉස්ලාම් දවා ගැනීම වෙනුවෙන් යසිරු රොද්‍රිගෝ සහ ඉහතින් සඳහන් කළ පවන් රත්නායක කෙළින්ම කඩුල්ලට එල්ල කරන ලද පන්දු යොමු කිරීම ජයග්‍රහණයේ හැරයුම් ලක්ෂ්‍ය බවට පත්විය. බංග්ලාදේශ ලකුණු පුවරුව 34 වැනි පන්දුවාරයේදී ලකුණු 152 කට කඩුලු 3 ක් වශයෙන් ප්‍රබල ස්ථානයක පැවැතුණු නමුත් යසිරුගේ සුපිරි පන්දු යොමු කිරීම බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීමේ ඇරැඹුව විය. අනතුරුව තරගයට අවතීර්ණ වුණු මැතිව් සහ නායක දුනිත් බංග්ලදේශ මැද පෙළ කඩුලු දවා ගත්හ.

48 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීෂ පතිරණ පිට පිට පන්දු දෙකකදී කඩුලු 2 ක් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය කරගත් නමුත්, තෙවැනි පන්දුවට මුහුණ දුන් බංග්ලාදේශ ඉනිමේ අවසන් පිතිකරු රිපොන් මොන්ඩොල් එම පන්දුවෙන් බේරී සිටීමට සමත්විය.

පළමු පන්දුවාර 40අවසන් වන තෙක්ම දළ වේගය ලකුණු 4 කට අඩුවෙන් පැවැති ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ලකුණු 70 ක් ලබා ගැනීමට  චමිඳු වික්‍රමසිංහ ප්‍රමුඛ පිතිකරුවන් සමත්විය. ඒ අතරතුර කාලයේදී කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ හඹා යෑමේදී පන්දුවාරයකට ලකුණු 4.56 කට වඩා වැඩි දළ වේගයක් සංචාරක පිල හමුවේ තැබූහ. ඒ අතරතුර කාලයේදී කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දුන් ශ්‍රී ලංකාව හඹා යෑමේදී පන්දුවාරයකට ලකුණු 4.56 කට වඩා වැඩි දළ වේගයක් සංචාරක පිල හමුවේ තැබීය.

පිතිකරණ ලැයිස්තුවේ අගින් පැමිණි චමිඳු වික්‍රමසිංහ පන්දු 17 කදී වේගවත් ලකුණු 27 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීම ඉහළ දැම්මේය. හතරේ පහර 4 ක්ද සිය ඉනිමට ඇතුළත් කර වමත් පිතිකරුවා අවසන් පන්දුවේදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 228 ක් දක්වා ඉහළ දැමීමට දායක විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සදීෂ් ජයවර්ධන සහ පවන් පතිරාජ අර්ධ ශතක රැස් කළ අතර එය පවන් මෙම තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. පන්දු 68 කදී ලබාගත් ලකුණු 51 ට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් කරගත් පතිරාජ යොවුන් කණ්ඩායමේ අංක 4 පිතිකරණ ස්ථානයට සුදුසුම පුද්ගලයා තමන්ය යන්න මැනවින් ඔප්පු කළේය. සෙසු අර්ධ ශතක ලාභියා වූ සදීෂ් ලබාගත් ලකුණු 58 සඳහා පන්දු 94 කට මුහුණ දුන්නේය. ආරම්භක පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සදීෂ් සිය ඉනිමට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් කර ගත්තේය.

ඉනිමේ සමස්ථයක් ලෙස ගැනීමේදී ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩා කළ පන්දු 300 න් පන්දු 144 ක්ම ලකුණු ලබා නොගත් පන්දු (නිලකුණු) විය. එම අගය පසුගිය තරගය සමඟ සංසන්දනය කිරීමේදී පන්දු 16 ක ප්‍රගතියක් ලෙස සඳහන් කළ හැක. එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු 160 කදී ලකුණු ලබා ගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකා ඉනිමේ නිලකුණු පන්දු වැඩි සංඛ්‍යාවක් සදීෂ් සහ ෂෙවෝන් ඩැනියල් අතර වූ දෙවැනි කඩුල්ලේත් සදීෂ් සහ සම්බන්ධතාව අතර සටහන් විය. එහිදී සදීෂ්ට පන්දු 36 කුත් ඩැනියෙල්ට පන්දු 24 කුත් මඟ හැරිණ.

අද දිනයේදී සිය 19 වැනි උපන්දිනය සමරමින් තරගයට පැමිණි ක්‍රීඩා කළ උප නායක රවීන් ද සිල්වා පන්දු 30 කදී ලකුණු 25 ක් ලබා ගත්තේය. වඩා විශ්වාසයකින් පන්දුවට පහර දුන් රවීන් දුවද්දී දැවී යෑමකට හසු නොවන්නට තම උපන්දිනය බොහෝ විට අර්ධ ශතකයකින් සැමරීමට අවස්ථාව තිබිණ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest