slc
Home   |    News
ඔක්තෝබර් 28, 2021
පළමු දිනයේදීම පොලිසියෙන් පෙරැළියක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් බදාදා (27 දා) ආරම්භ වුණු අන්තර් සමාජ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී සී.සී.සී, පොලීසිය, ටැමිල් යුයිනයන්, යුද හමුදාව ඇතුලු කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ. උදෑසන සිට පැවැති වර්ෂාව මත තරග කිහිපයකට ජයග්‍රාහකයන් තෝරාගනු ලැබුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. වර්ෂාව මත ක්‍රීඩාංගණ අයහපත් තත්ත්වයක පැවතීම මත තරග තුනක්ම නොපැවැත්විණි.

දිනයේ පැවැති තරග අතර දැවැන්තම පෙරැළිය බවට පත්වූයේ එස්.එස්.සී. පිලට එරෙහිව පොලිස් කණ්ඩායම ජය වාර්තා කිරීමය. කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයින් වන කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් යන ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනාම රහිතව තරග වැදිමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිසිය සමත්වීම කැපී පෙනෙයි. එස්. එස්. සී. පිල වෙනුවෙන් දිමුත් කරුණරත්න ක්‍රීඩා කළ නමුත් ඔහුට ලකුණු අතරට ඒමට නොහැකි විය.

ඒ හැරුණු විට පෞද්ගලික දක්ෂතා අතර සී.සී.සී කණ්ඩායමේ සොනාල් දිනුෂ විසින් බී.ආර්.සී. පිලට එරෙහිව නොදැවී ලකුණු 93ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ඒස් කැපිටල් පිලේ චානක කොමසාරු බදුරලියට එරෙහිව ලකුණු 14කට කඩුලු හයක් දවාලූවේය.

සී.සී.සී. පිලට ලකුණු 76 ක ජයක්

සී.සී.සී  පිටියේ පැවැති මේ තරගයේදී සී.සී.සී. පිලේ සොනල් දිනූෂ නොදැවී ලකුණු 93ක් ලබාගැනීමට සමත්විය. සී.සී.සී කණ්ඩායමේ ළහිරු ගමගේ සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු දෙක බැගින් දවාලූහ.

සී.සී.සී පන්දු වාර 47කදී කඩුලු 7ට 230 – (සොනාල් දිනූෂ 93*,  පවන් රත්නායක 53, මළිඳු ෂෙහාන් 26/2)

බී.ආර්.සී පන්දුවාර 38.2කදී 154 යි – (රමිඳු විජේසූරිය 28, උමේක මොරායස් 19, ළහිරු ගමගේ 25/2, මලින්ද පුෂ්පකුමාර 30/2)

ඩක්වර්ත් ක්‍රමය කෝල්ට්ස්ට ලකුණු 17 ක ජයක්

ක්‍රීඩාවෙන් තාවකාලික විරාමයක් ලබා සිටි හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් යළිත් පිටියට පිවිසීම සටහන් වුණු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 45 ක් රැස් කළේය. පන්දු 60 කට මුහුණ දුන් මැතිව්ස් සිය ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් එල්ල කළේය. මැතිව්ස් හැරුණු විට කෝල්ට්ස් පිල වෙනුවෙන් සංගීත් කුරේ ලකුණු 45ක්ද ලබාගත්තේය.

ගාල්ල කණ්ඩායම පන්දුවට පහර දීමේදී පන්දුවාර 47 ක් අවසන් වීමටත් සමඟ වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර එම පන්දුවාර සංඛ්‍යාවේදී ගාල්ල පිලට ලබාගත යුතු ඉලක්කය වූයේ ලකුණු 207 කි. ඒ අවස්ථාව වන විට ඔවුන් රැස් කර ගැනීමට සමත්ව සිටියේ කඩුලු 7 කට ලකුණු 189 ක් පමණි.

කොල්ට්ස් පන්දු වාර 50දී කඩුලු 6ට 226යි – (සංගීත් කුරේ 45, ඇන්ජලෝ මැතිව්ස් 45, ජෙහාන් ඩැනියල් 36, රජිත් ප්‍රියාන් 40/2)

ගාල්ල පන්දු වාර 47දී කඩුලු 7ට 189යි  දිල්ෂාන් කාංචන 36, චානක රුවන්සිරි 35, දුලාෂ් උදයංග නොදැවී 36, කවිෂ්ක අංජුල 37/4)

එස්.එස්.සී.ට පොලිසියෙන් ප්‍රහාරයක්

තරගාවලිය ආරම්භයේ සිදුවූ ප්‍රධානම පෙරැළියක් ලෙස ප්‍රබල එස්. එස්. සී. පිලට එරෙහිව ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත්වීමය. පොලිසිය වෙනුවෙන් මදුරග ද සොයිසා සහ කිත්රුවන් විතානගේ පිත්තෙන් දස්කම් දැක්වීය. මෙම තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ අතර ඔහු ලකුණු 17 කට දැවී ගියේය.

එස්.එස්.සී පන්දු වාර 36දී කඩුලු 7ට 190 – (ක්‍රිෂාන් සංජුල 76, නලින් ප්‍රියදර්ශන 27/2යි)

පොලීසිය පන්දු වාර 25.1දී කඩුලු 4ට 134 – (මදුරංග සොයිසා 55, කිත්රුවන් විතානගේ නොදැවී 34)

ටැමිල් යූනියන් ලකුණු 2 ක සියුම් ජයක්

ටැමිල් යූනියන් කණ්ඩායමේ කමීෂ් නිර්මාල් සහ දමිත් පෙරේරා පන්දුවට පහරදීමේදී දක්ෂතා දැක්වූහ.

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 42.5දී ලකුණු 186යි – (අදීෂ නානායක්කාර 55යි, ජෙෆ්රි වැන්ඩසේ 43/3යි)

ටැමිල් යූනියන් පන්දුවාර 37දී කඩුලු 4ට 149යි – (කමේෂ් නිර්මාල් 57, දමිත් පෙරේරා 45, තරිඳු රත්නායක 26/2යි)

ඒස් කැපිටල්ට ලකුණු 123 ක ජයක්

ඒස්කැපිටල් කණ්ඩායමේ පා දඟ පන්දු යවන චානක කොමසාරු ලකුණු 14කට බදුරලිය කඩුලු හයක් දවාලීම මත එම කණ්ඩායමට ලකුණු 123ක ජයක් ලබාගැනීමට අවස්ථාව උදාවිණි. මේ තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

ඒස් කැපිටල් පන්දු වාර 50දී කඩුලු 9ට 243යි – (උමේෂ් කරුණාරත්න නොදැවී 81, ටී.දාබරේ 43, ජනක් ප්‍රසාද් 34, බුද්ධික සංජීව 71/3, අලංකාර අසලංක 45/2යි)

බදුරලිය පන්දුවාර 27.1දී 120යි – (ජීවන් මෙන්ඩිස් 32, චානක කොමසාරු 14/6යි, ජාන් ප්‍රකාශ් 20/3යි)

යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිසර පෙරේරා යුද හමුදාව වෙනුවෙන් ලකුණු 60ක් රැස් කිරීමට සමත්විය.

ගුවන් හමුදාව පන්දු වාර 50දී කඩුලු 8ට 150යි – (අසන්ත සිංගප්පුලි නොදැවී 41, දිල්හාන් කුරේ 35, ගයාන් චන්ද්‍රබොස් 23/2‍, හෙෂාන් හෙට්ටිආච්චි 32/2)

යුද හමුදාව පන්දු වාර 21දී කඩුලු 3ට 141යි –  (තිසර පෙරේරා නොදැවී 60, අෂාන් රන්දික 57, ළසඳ රුක්මාල් 32/2)

කටුනායකදී හලාවත මේරියන්ස් ලකුණු 149කින් සරසන්ස් පැරදවීය

රොමේෂ් බුද්ධික සහ ජායි පාන්ඩෙ ජයග්‍රාහි හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් මෙහිදී පන්දුවට පහරදීමේදී දක්ෂතා දැක්වූහ.

හලාවත මේරියන්ස් පන්දු වාර 50දී කඩුලු 8ට 289යි – (රොමේෂ් බුද්ධික 54, ජායි පාන්ඩෙ 39, අමීර් සීෂාන් 39, ප්‍රවීන් සඳමල් 28/2)

සරසන්ස් පන්දු වාර 43.1කදී සියල්ල දැවී 140යි – (නිපුන් කරුණානායක 28, දසුන් සෙනෙවිතරත්න 13/2යි)

කලුතර නාගරික පළමු ජය ලබයි

නාවික හමුදාව පන්දු වාර 42.4කදී 160යි – (මධුර මධුශංඛ නොදැවී 36, සෙනල් ද සිල්වා 41/5, අසංක මනෝජ් 23/3යි)

කලුතර නගර කණ්ඩායම පන්දු වාර 41.2කදී කඩුලු 8ට 164යි – (ඉන්සක සිරිවර්ධන නොදැවී 31, මිෂාඩ් ප්‍රනාන්දු 28, සෙනල් ද සිල්වා 28, අනුක් ප්‍රනාන්දු 38/3, අරවින්ද අකුරුගොඩ 23/2)

 – බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest