slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2021
පළමු පෙළ එක්දින තරග 27  ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්පැවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පෙර මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 12 කට තරග වැදීමට නියමිතවය. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය රට පුරා ව්‍යප්තව ගිය බැවින් තරගාවලියේ සියළුම තරග සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී තිබෙන නීරෝධායන නීති රීතීන්ට යටත්ව පැවැත්වේ.

අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් මත මෙතෙක් පැවැති ‘ඒ’ සහ ‘බී’ තරගාවලි, මෙම වසරේ සිට එකම තරගාවලියක් ලෙසින් පැවැත්වීම විශේෂත්වයක් ලෙස හැඳින්විය හැක. අවසන් වසරේ පැවැති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 145 ක ජයක් වාර්තා කළ එන්.සී.සී. කණ්ඩායම වත්මන් එක්දින ශූරයින් බවට පත්ව සිටියි.

‘ඒ’ කාණ්ඩය – එන්.සී.සී., යුද හමුදාව, මුවර්ස්, නාවික හමුදා, කුරුණෑගල, සී.සී.සී., නිගම්බු, නුගේගොඩ, බී.ආර්.සී. කැන්ඩි කස්ටම්ස්, කලුතර නාගරික, ලන්කන්, ගුවන් හමුදාව.

‘බී’ කාණ්ඩය – රාගම, බදුරලිය, ටැමිල් යුනියන්, එස්.එස්.සී., බ්ලූම්ෆීල්ඩ්, කෝල්ට්ස්, සරසන්ස්, හලාවත මේරියන්ස්, ගාල්ල, පානදුර, පොලිස්, සෙබස්තියනයිට්ස්, ඒස් කැපිටල්.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee