slc
Home   |    News
ඔක්තෝබර් 24, 2021
බංග්ලාදේශයට එරෙහිව වේග පන්දු යවන්නන් සිව්දෙනෙක්

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනා කර සිටියේය. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට ශ්‍රී ලංකා පිල ප්‍රධාන වේග පන්දු යවන්නන් සිව්දෙනෙකු සමඟින් අවතීර්ණව සිටීම විශේෂත්වයකි.

නෙදර්ලන්තයට එරෙහි තරගයේදී මහීෂ් තීක්ෂණ ආබාධයට ලක්වීම නිසා අද තරගයේදී ඔහුව විවේක ගන්වා තිබෙන අතර ඒ වෙනුවට වේග පන්දු යවන්නකු වන බිනුර ප්‍රනාන්දුව කැඳවමින් තරගයට අවතීර්ණව සිටියි. බිනුරට අමතරව චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර අද තරගයේදී ක්‍රීඩා කරන සෙසු වේග පන්දු යවන්නෝ වෙති. බංග්ලාදේශ පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට පන්දුවට පහර දීමට දක්වනු ලබන දුර්වලතාවය හඳුනාගෙන සිටින ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සන්නද්ධව මෙම තරගයට අවතීර්ණව සිටියි.

අද තරගයේදීත් අංක 3 පිතිකරුවාගේ වගකීම චරිත් අසලංකට හිමිව තිබේ. “අයි.පී.එල්. තරගාවලියේ තරග පැවැත්වීමෙන් පසු සාජා තණතීරුව තරමක් තරමක් මන්දගාමී වේලා තියෙනවා. පුහුණුවීම් තරග සහ සුදුසුකම් ලැබීමේ තරග සියල්ල ජයග්‍රහණය කිරීමට සමත්වීම නිසා කණ්ඩායම තුළ ඉතා හොඳ පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා. අද තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන්නේ නෑ. ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දුව ක්‍රීඩා කරවීමට තීරණය කළා” යැයි කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දැක්වීය.

මේ අතර බංග්ලාදේශ නායක මහමුදුල්ලා රියාද් සඳහන් කර සිටියේ මෙම තණතීරුවේදී පන්දුවට පහර දීමට තමන් තීරණය කර සිටි බවයි. “අපි මෙහි තත්ත්වයන් වලට හුරු විය යුතුයි. මෙය පන්දුවට පහර දීමට හොඳ තණතීරුවක් කියලා බලාපොරොත්තු වෙනවා. අපි මේ තරගයේදී එක් වෙනස් කමක් කළා. ටස්කින් අහමඩ් වෙනුවට නසුම් අහමඩ් තරගයට කැ‍ඳෙව්වා.” යනුවෙන් මහමුදුල්ලා සඳහන් කර සිටියේය.

බංග්ලාදේශය – ලිටන් දාස්, මොහොමඩ් නයීම්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා (නායක), අෆීෆ් හොසේන්, නුරුල් හසන්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, නසුම් අහමඩ්, මුස්ටෆිසූර් රෙහ්මාන්.

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest