slc
Home   |    News
ඔක්තෝබර් 8, 2021
මඩුගල්ලේ සහ ධර්මසේන ලෝක කුසලාන නිලධාරී මඬුල්ලට

sinhala editor

ඔක්තෝබර් 17 වැනිදා ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා නම් කරන ලද විනිසුරුවන් සහ තීරකවරුන් අතරට ශ්‍රී ලාංකිකයින් වන කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ලේ යන මහත්වරු ඇතුළත්ව සිටිති.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවරුනු 12 දෙනෙකු සහ තරග තීරකවරුන් සිව් දෙනෙකු ඇතුළත්ව සිටිති. 2019 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලි විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවුණු රුචිර පල්ලියගුරුගේ මහතා මෙවර තරගාවලියේ විනිශ්චය සඳහා තෝරා ගෙන නොමැත.

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය අලීම් ඩාර්, මරායස් එරැස්මස් සහ රොඩ්නි ටකර් යන විනිසුරුවරුන්ගේ 6 වැනි ලෝක කුසලාන තරගාවලිය වෙති.

තරග තීරකවරු – රංජන් මඩුගල්ල, ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝ, ජවගල් ශ්‍රීනාත්

විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන, ක්‍රිස් බ්‍රවුන්, අලීම් ඩාර්, මාරියස් එරැස්මස්, ක්‍රිස් ග්‍රැෆනි, මයිකල් ගෆ්, ඒඩ්‍රියන් හෝල්ඩිස්ටොක්, රිචඩ් ඉලිංග්වර්ත්, රිචඩ් කෙට්ල්බ්‍රෝ, නිතින් මෙනන්, අසන් රාසා, පෝල් රයිෆල්, ලැන්ග්ටන් රූසර්, රොඩ්නි ටකරු, ජොයෙල් විල්සන්, පෝල් විල්සන්.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest