slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2021
ශ්‍රී ලංකා යෞවනයෝ 1-0ක් ලෙස පෙරමුණට එති  

sinhala editor

Chamila Karawita reporting from Dambulla

යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් අමතක නොවන සමාරම්භයක් සනිටුහන් කරගත් පවන් පතිරාජගේ ලකුණු 67 ක ඉනිමත් ට්‍රෙවීන් මැතිව් කඩුලු 4 ත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (ඔක්තෝබර් 15) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ සමඟම තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලියද 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දු යැවීමට පන්දු රැකීමෙන්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිසිදු සහනයක් ලබා නොදුන්හ. නායක දුනිත් වෙල්ලාලගේ 10 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් බංග්ලාදේශ ඉනිමේ කඩුලු දඩයම ඇරැඹුවේය. එම කඩුල්ල දැවී යෑමත් සමඟ කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තවත් ලකුණු 4 ක් ඇතුළත ඉදිරිපෙළ තවත් කඩුලු 3 ක් දවා ගත්තේ බංග්ලාදේශ පිල කබලෙන් ලිපට ඇද දමමිනි.

පෙරමුණ පෙරැළුණු බංග්ලාදේශය ඉනිමට අයිජ් මොල්ලා සහ අරිෆුල් ඉස්ලාම් එක්ව ගොඩ දමමින් සිටියදී තරගය යළිත් දෙපිළටම විවෘත විය.  ලකුණු 70 ක සම්බන්ධතාවයත් සමඟ බංග්ලාදේශ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 124 දක්වා අඩු පරතරයකට පැමිණියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ටත් නොදෙනෙන සේය. මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලැබුණේද, ඒ ජයග්‍රහණයේ සියලු ගෞරව පස්වැනි කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් දක්ෂ පන්දු රැකීමට හිමිවිය යුතුය.

කවර් පොයින්ට්හි පන්දු රැකි නායක දුනිත් වෙල්ලාලගේ සුපිරි පන්දු රැකීමත් එය කඩුලු රකින්නාට භාර දීමත් නිවැරදිව සිදුවීම නිසා පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව මුලු ලකුණු සංඛ්‍යාව 105 ක් තිබියදී නවතාලන්නට හැකියාව ලැබිණ. එයිච් මොල්ලාට අනගි සහායක් ලබා දුන් අරිෆුල් ඉස්ලාම් ලකුණු 38 කදී දැවී නොයන්නට මීට වඩා බංග්ලාදේශ පිලට තරගය වාසිදායක වන්නට තිබිණ. එතැන් පටන් යළිත් හිස එසවීමට කිසිදු ඉඩකඩක් ලබා නොදුන් ට්‍රෙවීන් මැතිව් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවන් සිය අණසක තබා ගත්හ. එහෙත් එක් අන්තයකින් සිය සටන අත් නොහළ අයිච් මොල්ලා මනරම් වූ ඉන්සයිඩ් අවුට් පහරවලින්ද, පන්දු රකින්නන් නොමැති ස්ථාන වෙත පන්දුව ස්ථාන ගත කරමින්ද ලකුණු රැස් කළද අනෙක් අන්තයෙන් ලැබිය යුතු සහාය ඔහුට නොලැබිණ. අවසානයේ බංග්ලදේශ ඉනිම පන්දුවාර 46.2 කදී ලකුණු 186 කට සීමා විය.

ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙසින් තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේදී මුල් කඩුලු 3 ම ලකුණු 32 කදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වද්දී ශ්‍රී ලංකාවට සැනසිල්ලක් ගෙන ආ පතිරාජ ලකුණු ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කරුවා බවට පත්විය. දැඩි පීඩනකාරී තත්ත්වයක් යටතේ පන්දුවට පහර දීමට පැමිණි ශරීරයෙන් කුඩා වමත් පිතිකරුවා 6 වැනි කඩුල්ල වෙනුවෙන් දැවී යනවිට ලබා ගත් ලකුණු 67 සඳහා පන්දු 88 ක් වැය කර තිබුණේය.

හතරේ පහර 5 කින් ඉනිම වර්ණවත් කරගත් මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කරමින් පැමිණ සිටින පතිරාජ, සදීෂ රාජපක්ෂ සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් උප නායක රවීන්ද සිල්වා සමඟ ලකුණු 80 ක්ද ගොඩනංවමින් ශ්‍රී ලංකාව අසීරුතාවෙන් මුදවා ගත්හ. පීඩනය අතරින් තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම කුමක්ද යන්න හරි හැටි වටහා ගනිමින් පන්දුවට පහර දුන් රවීන් ලකුණු 29 ක් ලබා ගත්තේ පතිරාජට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.

ආරම්භයේ සිටම ඉතාම නිවැරදි ඉලක්කට පන්දු යැවී බංග්ලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව පිති මුවහත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සදීෂ රාජපක්ෂට පසු අංක 10 පිතිකරණ ස්ථානයෙන් පැමිණි ඉසුරු රොඳ්‍රගෝ කැපී පෙනුණ. ඉනිමේ වැඩිම ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියූ (166.66)  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරනු ලබන යසිරු පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී රිපොන් මොන්ඩොල් ලකුණු 59 කට කඩුලු 3 ක් සහ අශිකුර් සමාන් ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙනුණි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar