slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2021
ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැන ගන්න ක්‍රිකට් වෙබ් අඩෙවියට පිවිසෙන්න

Sri Lanka Cricket

ඩිජිටල් තාක්ෂණය ලෝකය තුළ බලවත් වී තිබෙන පසුබිමක මෙතෙක් කලක් ගුවන් විදුලියෙන් පමණක් ශ්‍රවණය කළ හැකිව තිබූ පන්දුවෙන් පන්දුවට වූ ක්‍රිකට් පිටියේ උණුසුම වෙබ් අවකාශයටද රැගෙන එමින් හෙට (17 දා) ඇරඹෙන 7 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වල පන්දුවෙන් පන්දුවට වූ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් තරග වදිනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරග 45 ම සජීවී විස්තර විචාරය www.srilankacricket.lk වෙබ් අඩෙවියට පිවිසීමෙන් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ක්‍රිකට් රසිකයින්ට උදාවනු ඇත.
එම විස්තර විචාරය ක්‍රිකට් රසික හදවත් වලට ගෙන ඒම වෙනුවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස මහත් කීර්තිමකට පත්ව සිටින රොෂාන් අබේසිංහ මෙන්ම මෙරට ක්‍රිකට් තරග සජීවී තොරතුරු රැගෙන ඒමේ ප්‍රමුඛයින් වන කමල් දේශප්‍රිය, කැළුම් ශ්‍රීමාල්, ප්‍රියන්ත උදයරත්න, බන්දුල සමන් වතුරේගම, කෝසල සුරේෂ්චන්ද, හරිත පෙරේරා යන මහත්වරුන් සැදී පැහැදී සිටිති.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar