slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2021
ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැන ගන්න ක්‍රිකට් වෙබ් අඩෙවියට පිවිසෙන්න

Sri Lanka Cricket

ඩිජිටල් තාක්ෂණය ලෝකය තුළ බලවත් වී තිබෙන පසුබිමක මෙතෙක් කලක් ගුවන් විදුලියෙන් පමණක් ශ්‍රවණය කළ හැකිව තිබූ පන්දුවෙන් පන්දුවට වූ ක්‍රිකට් පිටියේ උණුසුම වෙබ් අවකාශයටද රැගෙන එමින් හෙට (17 දා) ඇරඹෙන 7 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වල පන්දුවෙන් පන්දුවට වූ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් තරග වදිනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරග 45 ම සජීවී විස්තර විචාරය www.srilankacricket.lk වෙබ් අඩෙවියට පිවිසීමෙන් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ක්‍රිකට් රසිකයින්ට උදාවනු ඇත.
එම විස්තර විචාරය ක්‍රිකට් රසික හදවත් වලට ගෙන ඒම වෙනුවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස මහත් කීර්තිමකට පත්ව සිටින රොෂාන් අබේසිංහ මෙන්ම මෙරට ක්‍රිකට් තරග සජීවී තොරතුරු රැගෙන ඒමේ ප්‍රමුඛයින් වන කමල් දේශප්‍රිය, කැළුම් ශ්‍රීමාල්, ප්‍රියන්ත උදයරත්න, බන්දුල සමන් වතුරේගම, කෝසල සුරේෂ්චන්ද, හරිත පෙරේරා යන මහත්වරුන් සැදී පැහැදී සිටිති.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee