slc
Home   |    News
නොවැම්බර් 12, 2021
ක්‍රීඩකයින් දහ දෙනෙකුට LPL අවස්ථාව

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් තබා තිබෙන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමකට  ඇතුළත්වීමේ අවස්ථාව මඟ හැරුණු ක්‍රීඩකයින් 10 දෙනෙකුට යළිත් කණ්ඩායම් වලට එක්වීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම් හිමිකාරීත්වය වෙත දැනුම් දී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පැවැත්වෙන LPL 2021 තරගාවලියට ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ප්‍රධාන කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් කීප දෙනෙකුට කණ්ඩායම්වලට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි විය. ඒ පිළිබඳව අවධානය යොමු කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් කණ්ඩායම් හිමිකාරුවන් වෙත ලබා දීමට පියවර තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයින් 673 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 358 දෙනෙකු වශයෙන් සමස්ථ ක්‍රීඩකයින් 1031 දෙනෙකු ලියාපදිංචිව තිබුණි. ඒ සියල්ලෝම ක්‍රීඩක තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් (Player draft) ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු සියල්ල පූර්ණ විධිමත් භාවයකින් සහ විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් එම තෝරා ගැනීමේදී ඉහත නම් සඳහන් ක්‍රීඩකයින්ගේ සේවය කණ්ඩායම් හිමිකාරීත්වය ලබා නොගැනිණ. මෙම තත්ත්වය මත කණ්ඩායමකට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 20 සිට 22 දක්වා වැඩිවනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest