slc
logo
Home   |    News
නොවැම්බර් 4, 2021
කොදෙව්වන්ට ලකුණු 190 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 189 ගොඩ නැංවීමේ පූර්ණ ගෞරවය චරිත් අසලංක සහ පැතුම් අසලංකට හිමිවිය යුතුය. මොවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ගොඩ නංවන ලද ලකුණු 91 ක සම්බන්ධතාව කොදෙව් කණ්ඩායමට ලකුණු 200 සීමාවට ආසන්න ඉලක්කයක් ලබා දීමට මුල් වූවේය.

මොවුන් දෙදෙනා පන්දුවට පහර  දෙද්දී තරගයේ සියළුම පාලනයන් මොවුන් සන්තකයේ තබා ගනිමින් පන්දුවට පහර දීම මනස්කාන්ත සිදුවීමක් බවට පත්විය. එහිදී පළමුවෙන්ම අර්ධ ශතකය වාර්තා කර ගත්තේ පැතුම් නිස්සංකය. මුහුණ දුන් 39 වැනි පන්දුවේදී පැතුම් අර්ධ ශතකය වාර්තා කර ගන්නා විට ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත්ව තිබිණ. මෙය පැතුම්ගේ විස්සයි-20 තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

අංක 3 පිතිකරණ ස්ථානයේ ගැටළුව විසඳමින් පන්දුවට පහර දුන් අසලංක ලකුණු 68 කින් ලකුණු පුවරුවට දායකත්වය ලබා දුන්නේය. පන්දු 41 ක් වැය වුණු එම කර්තව්‍යයේදී ඔහු හයේ පහරක් සහ හතරේ පහර 8 කින් ලකුණු රැස් කරගත්තේය. තරගාවලියේ වැඩි අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ සිටින චරිත් අසලංක අද ක්‍රීඩා කරන ඉනිමත් සමග මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතරට පෙරමුණට පැමිණීමට සමත්වූවේය. මෙතෙක් තරග 6 කට ක්‍රීඩා කර ඇති හුරුබුහුරු වමත් පිතිකරුවා මේ වන විට ලකුණු 231 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.2 ක් රඳවා ගනිමිනි. ඔහුට එක් ස්ථානයක් පසුපසින් සිටින්නේ නිස්සංක වන අතර ඔහු තරග 8 කදී ලකුණු 221 ක් ලබා සිටින්නේය. 9 වැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයට සහභාගිවෙමින් සිටින අසලංක අද දිනයේ රැස් කරන ලද්දේ සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය විය.

කුසල් පෙරේරාගේ සාර්ථක ආරම්භයත් සමඟ ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ නිතරම දැවැන්ත පහර කරා නොගියහ. එහෙත් ලකුණු ලබා ගැනීමේ ප්‍රහාරාත්මක වේගය පිළිබඳව අවධානය යොමු කරමින් පන්දුවට පහර දීම නිසා ලකුණු 100 සීමාව පන්දු 71 කදී සපුරා ගත්තේය. එතැන් පටන් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කල වමත් – දකුණත් පිතිකරු යුගලය ලකුණු 150 සීමාව සඳහා වැය කරන ලද්දේ පන්දු 31 කි.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee