slc
Home   |    News
නොවැම්බර් 25, 2021
කොදෙව් පිතිකරුවන් ආරක්ෂිත පිති ප්‍රහාරයක  

sinhala editor

Chamila Karawita reporting from Galle

ජයග්‍රහණය සඳහා කඩුලු 4 ක් පමණක් අවශ්‍යව තිබියදී පස්වැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් පිතිකරුවන්ගේ ආරස්ඛිත පිතිහරඹය හමුවේ දිවා ආහාරය වෙන තෙක්ම දවා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණි. පෙ.ව. 9.45 ට ආරම්භ වුණු තරගයේදී පිටියට පිවිසි ජොෂුවා දා සිල්වා සහ කෘමා බෝනර් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවයක් පවත්වා ගනිද්දී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකින් අතශවශම කඩුල්ලක් වුණු ජොෂුවා දා සිල්වාගේ ඉනිම නිමාවට පත්විය.  පරාජයෙන් ගැලවීමේ සටනේදී තවත් ලකුණු 296 ක් පිටුපසින් සිට පස්වැනි දිනය ඇරැඹූ කොදෙව් කණ්ඩායම දිවා ආහාරයට තරගය නිමා කරද්දී කඩුලු 7 කට ලකුණු 125 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ.  

තරගය අතරතුරදී දවා ගැනීම් සඳහා අවස්ථා කීඵයක්ම බෝනර් සහ ජොෂුවා ලබා දුන්නද ඒ සියල්ලෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නෝ අසමත්වූහ. ගිලිහී ගිය උඩ පන්දු දෙකම පැතුම් නිස්සංක අතින් ගිලිහී ගියේය. ලෙග් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටියදී රමේෂ් මෙන්ඩිස් එවන ලද පන්දුවකට ජොෂුවා එල්ල කළ පහර ලෙග් ස්ලිප් ස්ථානයේ සිටි පැතුම් වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී ගියද එය රැක ගැනීමට ඔහු අසමත් වූවේය. ලකුණු 23 දී නිමා වන්නට තිබුණු ජොෂුවා ඉන් වරම් ලබා ගනිමින් සිය තෙවැනි අර්ධ ශතකය අද දිනයේදී සම්පූර්ණ කර ගත්තේය.

එම උඩ පන්දු ගිලිහී යෑමෙන් පසු බොනාර් විසින් ලබා දුන් උඩ පන්දුවද සිලි පොයින්ට් ස්ථානයේදී පැතුම් අතින් මඟ හැරිණ. එම අවස්ථාවේදී බොනාර් ලකුණු 36 ක් ලබා සිටියේය. සිය සහායකයා දැවි ගියද දිවා විවේකය තෙක්ම සටන දියත් කළ බෝනාර්  ලකුණු 42 ක්ද පළමු ඉනිමේදී පසු පෙළින් සාර්ථක වුණු සද්දන්ත සිරුරැති රකීම් කෝන් වෝල් ලකුණු 05 ක් ලබා සිටියහ.

කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා සුරංග ලක්මාල් හැර සෙසු සියලුම පන්දු යවන්නන් යොදා ගත් නමුත් කොදෙව් පිතිකරුවන්ගේ ආරක්ෂාකාරී පිති හරඹයත් ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීමත් හේතුවෙන් ඉලක්ක ගත අරමුණ වෙත යෑම මඟ හැරිණ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest