slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2021
කොරෝනා බලපෑමෙන් කාන්තා පිලට ලෝක කුසලාන ගමන ඇහිරෙයි

sinhala editor

සිම්බාබ්වේහි පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත මඟ නතර කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සෙනසුරාදා (27 දා) තීරණය කළේය. දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයෙන් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා අප්‍රිකානු රටවලට පනවා ඇති සංචරණ නීති හේතුවෙන් තරගාවලිය අතර මඟ නතර කිරීමට හේතු වී තිබේ.

තරගාවලියට සහභාගිවී සිටින චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 23 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 82 ක ජයක් වාර්තා කළේය. ප්‍රසාද ලකුණු 2 ක්ද සමඟින් 0.95 ක දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට නොමැත.

කණ්ඩායම් 9 ක තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලියේ 2022 වසරේ මාර්තු මසදී නවසීළන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 3 ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විණි. තරගාවලිය අතරමඟදී අත හැර දැමීමට සිදුවීම හේතුවෙන් තරගාවලියේ කොන්දේසියට අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටි කණ්ඩායම් 3 ඒ සඳහා තෝරා ගෙන තිබේ.  බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

ශ්‍රී ලංකා පිලට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගය ආරම්භ වීමට හෝරා කීපයකට පෙර ශ්‍රී ලංකා පිලේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයකුද කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බව දැනගත් වහාම එම තරගය අවලංගු කර දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළ බව ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර තිබේ.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee