slc
Home   |    News
නොවැම්බර් 15, 2021
ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණු පුටුව නැවතත් කණ්ඩම්බිට

sinhala editor

ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ වසරේ තරගාවලිය නියෝජනය කරනු ලබන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කිරීමේ ප්‍රධාන වගකීම හිමි කාර්යය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට එම කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි ප්‍රධාන පුහුණුකරුගේ වගකීම ගිය වසරේ පරිදිම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයකු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බිට පැවැරී තිබේ. අභිනව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේදී පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බි සිදුකරන ලද කාර්යය කැපී පෙනුණි. අබුඩාබිහි පැවැත්වෙන ටී-10 තරගාවලියේ ‘බංග්ලා ටයිගර්ස්’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කණ්ඩම්බිගේ සහායක පුහුණුකරු ලෙස මාරියෝ වෙල්ලවරායන් කටයුතු කරයි. සහාය පුහුණුකරු තනතුරට අමතරව වෙල්ලවරායන්ට වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ කාර්යයද පැවැරී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණු අංශ සාමාජිකයකු වූ වෙල්ලවරායන් 2008 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්වාරෝපණ වැඩි දියුණු කිරීමේ පුහුණුකරු ලෙසින් ශ්‍රී ලංකා ‘ඒ’ සහ සංවර්ධන කණ්ඩායම් වල කටයුතු කළේය. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කළ වෙල්ලවරායන් 2020 වසරේ පැවැති පළමු එල්.පී.එල්. තරගාවලියේ ද වේග පන්දු පුහුණුකරු මෙන්ම  ශාරීරික යෝග්‍යතාවය භාරව කටයුතු කළේය.

හිටපු ටෙස්ට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පිතිකරණ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන සචිත් පතිරණට පැවැරී තිබේ. ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති සචිත් 2008 වසරේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් පිත්තෙන් ලකුණු 231 ක් සහ පන්දු යවමින් කඩුලු 10 ක් දවා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වූවේය. මෙවර තරගාවලියේ පුහුණු කාර්යය මණ්ඩලයට පතිරණගේ නම ඇතුළත් කර තිබුණද, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ආසියානු කුසලාන තරග සංචාරයද එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙන වකවානුවේදීම යෙදී තිබීම නිසා මෙවර තරගාවලිය අහිමිවීමේ අවස්ථාවක් පවතිනු ඇත.

පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉකුත් වසරේදී ද ජැෆ්නා පිල සමඟ කටයුතු කළ විමුක්ති දේශප්‍රිය කටයුතු කරයි. සංජීව ගමගේ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකයා ලෙස ජී.ජී.ටී. නිරෝෂන් ද සම්බාහක ලෙස ලක්ෂ්මන් ගුණසේකරද කටයුතු කරයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest