slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2021
මැතිව්ස් ‘සතුටින්’

sinhala editor

Chamila Karawita reporting from Galle

කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිල ප්‍රබල ස්ථානයකට රැගෙන ඒමට සමත්ව සිටියි. සමස්ථ තරගයේ මෙතෙක් දැවී ගිය කොදෙව් ඉනිමේ කඩුලු 16 න් කඩුලු 15 ක්ම දවා ගෙන සිටින්නේ දඟ පන්දු යවන්නන්ය. රමේෂ් මෙන්ඩිස් කඩුලු 7 ක්, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4 ක්, ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් වශයෙන් එම කඩුලු බෙදා ගෙන සිටිති. තවත් හෝරා කීපයකින් ඇරඹෙන පස්වැනි දවසේද එම සංඛ්‍යාව වැඩි කර ගැනීමට කොදෙව් පිලේ තවත් කඩුලු 4 ක් ඉතිරිව තිබේ.

සතුටු දායකම කරුණ වී ඇත්තේ මේ පන්දු යවන්නන් සියලු දෙනාම අවුරුදු 26 ට අඩු වයසේ පසුවීම වේ. තියුණු ලෙසින් දඟ කැවෙන ගාල්ල තණතීරුවේදී තරුණ පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය පිළිබඳව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා, ඇන්ජලෝ මැතිව්ස් සතුටිනි.

“අපේ පන්දු යවන්නෝ හොඳම බෝල් කළා” යැයි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

“ඔවුන් නායකයාගේ තීරණයට හොඳින් ප්‍රතිචාර දැක්වුවා. අපේ සැලසුම වෙලා තියෙන්නේ හෙට දිනයේදී පුලුවන් තරම් ඉක්මනට ඉතිරි පිතිකරුවන් සිව්දෙනා දවා ගෙන තරගය ජයග්‍රහණය කරන්න” යැයි කොදෙව් දෙවැනි ඉනිමේ ලකුණු 52 ක් ඇතුළත කඩුලු 6 ක් දවා ගැනීමෙන් පසු හිටපු නායකයා අදහස් දක්වා සිටියේය.

තියුණු ලෙස දඟ කැවෙමින් තිබෙන ගාල්ල තණතීරුවේදී දඟ කැවීමට වඩා කඩුලු දවා ගැනීමේදී පන්දුවේ ඔපයෙන් වැඩි වාසි අත්කර ගැනීම කැපී පෙනිණ. විටෙක වේගය වැඩි කරමින් යොමු කරන ‘ආම් බෝල්’ ද තවත් විටෙක අතින් ගිලිහී යන වේගයට වඩා පතිත වූවාට පසු පිතිකරු තුළට වේගයෙන් ඇදී යන ‘ස්කිඩ්’ ආකාරයේ පන්දු ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ව අසරණ කළහ.

“බෝලෙ අලුත් පිට අපේ දඟ පන්දු යවන්නන් පන්දු යැව්ව නිසා තමයි ඒ වගේ පන්දු යැව්වේ. ඒ වගේම විවිධත්වයෙන් යුතු පන්දු භාවිතා කරමින් හොඳ තැන්වල පන්දුව පතිත කළා. ඒ වගේ බෝල් කරනකොට පිතිකරුවකුට පන්දුවට පහර දෙන එක ලේසි පහසු කටයුත්තක් නොවෙයි”.

“මේ තණතීරුව සාමාන්‍ය ගාල්ල තණතීරුවමයි. වෙනසක් නෑ. එන්න එන්න පන්දුවට පහර දෙන්න ආමරු වෙනවා. ඒ දේ අපි දැන ගෙන සිටියා. ඒ නිසා තමයි අපි වැස්ස එන්න කළින් ඉනිම අත්හිටෙව්වේ” යැයි මැතිව්ස් අදහස් දක්වා සිටියේය.

මාස 8 කට ආසන්න කාලයකින් පසු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන මැතිව්ස් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 69 ක් ලබා කොදෙව්වන්ට සිව්වැනි ඉනිමේ විශාල අභියෝගයක් ලබා දීමට දායකත්වය දැක්වූවේය. මෙහි විශේෂත්වය වන්නේ අවසන් වරට මාස 8 කට පෙර ක්‍රීඩා කරන ලද තරගයෙන් පසු මෙම තරගයට ක්‍රීඩා කරන තෙක්ම මැතිව්ස් එකම හෝ ජාත්‍යන්තර තරගයකට සහභාගි නොවීමයි.

“මං හිතන්නේ අපි මම කාලයක් ක්‍රීඩා කරේ නැති වුණාට පුලුවන් විදියට මගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගෙන යන්න උපරිම තැන ලබා දුන්නා. පුලුවන් තරම් පන්දුවට පහර දුන්නා. නැතුව ඒ රිද්මය තියාගන්න බෑ. විශේෂයෙන් කාලෙකට පස්සේ තරගයකට ක්‍රීඩා කරනකොට එහෙම පුහුණුවීම් කළේ නැත්නම් ක්‍රීඩා කරන්න අමාරුයි. වර්ෂාවෙන් ගොඩක් බාධා ආවා. නමුත් මම පුලුවන් විදියට මගේ පුහුණුවීම් කළා. බොහෝමත්ම සංතෝෂයි කණ්ඩායමට මේ වගේ දෙයක් කරන්න හැකියාව ලැබීම ගැන” යැයි පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතාවය පිළිබඳව මැතිව්ස් සඳහන් කර සිටියේය.

“මේ වගේ තණතිල්ලක ක්‍රීඩා කරනකොට හොඳම පන්දුවක් යොමු වෙලා අවුට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. ඒ නිසා අපි ඒ ගැන නොසිතා පුලුවන් තරම් උත්සාහ ගත්තේ පහරවල් කරා යන්න. අපිට මේ තරගය ජය ගන්න නම් ඉක්මනට ලකුණු 350 ක් රැස් කරගත යුතු කියන අදහස තිබුණා. වැස්සත් බාධාවක් වෙන නිසා අපිට ඕන වුණේ පුලුවන් තරම් ඉක්මනට ලකුණු රැස් කරලා අද දවසෙදිම පුලුවන් තරම් ඉක්මනට පන්දු යවලා කොදෙව් පිලේ කඩුලු දවා ගන්න” යැයි දෙවැනි ඉනිම ලකුණු 191 කදී නවතා නැවතත් පන්දුවට පහර දීමේ වාරය කොදෙව් පිල වෙත ලබා දීමේ තිරයෙන් පිටුපස වූ කරුණු එකිනෙක විස්තර කර සිටියේය.

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee