slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2021
පිතිකරුවකු එක්කර ගැනීමේ සූදානමක්

sinhala editor

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සටන පිවිසීමට පෙර ශ්‍රී ලංකා පිල තවත් පිතිකරුවකුගේ සේවය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. උක්ත තීරණයත් සමඟ නොවැම්බර් 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේම ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණහොත් නිසැකයෙන්ම චරිත් අසලංකට දෙවැනි තරගයේදී ටෙස්ට් හිස්වැස්ම පැළඳීමේ අවස්ථාව උදාවනු ඇත.

පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 20 න් 19 ක්ම දවා ගැනීමට සමත් වූයේ දඟ පන්දු යවන්නන් විසිනි. ඉනිම දෙකේදීම වේග පන්දු යවන්නන් වූ සුරග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර යැවූයේ පන්දුවාර 18 ක් පමණි. එය සමස්ථ තරගයේ යැවුණු පන්දුවාර 165 න් 10% ක අගයකි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ශ්‍රී ලංකා කණ්ඩායම, වේග පන්දු යවන්නකුගේ දැඩි අවශ්‍යතාවයක් නොමැත.

ගාල්ල තණතීරුවේ ජයග්‍රහණය සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ කාසියේ වාසියයි. එය හිමිවන කණ්ඩායමට ජය ගැනීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කාසියේ වාසිය දෙපිළටම 50% කි. එය හිමිවීමටත්  අහිමිවීමටත් පුලුවන. කාසියේ වාසිය අහිමි වුවත් ඒ සඳහා අතිරේක සැලසුමක් ලෙසින් සිව්වැනි ඉනිමේ හඹා යෑමේ සඳහා ශ්‍රී ලංකාව සතුව උපාය වන්නේ තවත් පිතිකරුවකුව ක්‍රීඩා කරන 11 දෙනා අතරට රිංගවීමය.

එසේ වුවහොත් වේග පන්දු යවන්නකු ලෙස පන්දුවාර කීපයක් යැවීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවනු ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයකු වුවත් මැතිව්ස් කාලයක් තිස්සේ පන්දු යැවීමෙන් වැළකී සිටියේය. සිය කලවයේ පවතින මස් පිඩු ආබාධය හේතුවෙන් ඔහු එම තීරණයේ සිටියේය. එහෙත් කණ්ඩායමේ සමබර තාවය සකසා ගැනීම සඳහා මැතිව්ස්ට පන්දුවාර කීපයක් යැවීමේ වගකීම හිමිවනු ඇත. පළමු තරගයේදී පන්දුවාර 12 ක් යැවූ දුෂ්මන්ත චමීරට විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන බැවින් ඔහුව සංචිතයෙන් මුදා හැර තිබේ.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වන්නේ දෙවැනි ටෙස්ට් තරගයත් ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 දක්වා වැඩි කර ගැනීමටය. පළමු තරගයේ ක්‍රීඩා කල විලාශය අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයද පහසුවෙන්ම ජය ගත හැකිය. ගැටලුවක් ඇත්නම් ඒ වර්ෂාවෙන් සිදුවිය හැකි බලපෑම පමණි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee