slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2021
පිතිකරුවකු එක්කර ගැනීමේ සූදානමක්

sinhala editor

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සටන පිවිසීමට පෙර ශ්‍රී ලංකා පිල තවත් පිතිකරුවකුගේ සේවය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. උක්ත තීරණයත් සමඟ නොවැම්බර් 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේම ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණහොත් නිසැකයෙන්ම චරිත් අසලංකට දෙවැනි තරගයේදී ටෙස්ට් හිස්වැස්ම පැළඳීමේ අවස්ථාව උදාවනු ඇත.

පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 20 න් 19 ක්ම දවා ගැනීමට සමත් වූයේ දඟ පන්දු යවන්නන් විසිනි. ඉනිම දෙකේදීම වේග පන්දු යවන්නන් වූ සුරග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර යැවූයේ පන්දුවාර 18 ක් පමණි. එය සමස්ථ තරගයේ යැවුණු පන්දුවාර 165 න් 10% ක අගයකි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ශ්‍රී ලංකා කණ්ඩායම, වේග පන්දු යවන්නකුගේ දැඩි අවශ්‍යතාවයක් නොමැත.

ගාල්ල තණතීරුවේ ජයග්‍රහණය සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ කාසියේ වාසියයි. එය හිමිවන කණ්ඩායමට ජය ගැනීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කාසියේ වාසිය දෙපිළටම 50% කි. එය හිමිවීමටත්  අහිමිවීමටත් පුලුවන. කාසියේ වාසිය අහිමි වුවත් ඒ සඳහා අතිරේක සැලසුමක් ලෙසින් සිව්වැනි ඉනිමේ හඹා යෑමේ සඳහා ශ්‍රී ලංකාව සතුව උපාය වන්නේ තවත් පිතිකරුවකුව ක්‍රීඩා කරන 11 දෙනා අතරට රිංගවීමය.

එසේ වුවහොත් වේග පන්දු යවන්නකු ලෙස පන්දුවාර කීපයක් යැවීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවනු ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයකු වුවත් මැතිව්ස් කාලයක් තිස්සේ පන්දු යැවීමෙන් වැළකී සිටියේය. සිය කලවයේ පවතින මස් පිඩු ආබාධය හේතුවෙන් ඔහු එම තීරණයේ සිටියේය. එහෙත් කණ්ඩායමේ සමබර තාවය සකසා ගැනීම සඳහා මැතිව්ස්ට පන්දුවාර කීපයක් යැවීමේ වගකීම හිමිවනු ඇත. පළමු තරගයේදී පන්දුවාර 12 ක් යැවූ දුෂ්මන්ත චමීරට විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන බැවින් ඔහුව සංචිතයෙන් මුදා හැර තිබේ.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වන්නේ දෙවැනි ටෙස්ට් තරගයත් ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 දක්වා වැඩි කර ගැනීමටය. පළමු තරගයේ ක්‍රීඩා කල විලාශය අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයද පහසුවෙන්ම ජය ගත හැකිය. ගැටලුවක් ඇත්නම් ඒ වර්ෂාවෙන් සිදුවිය හැකි බලපෑම පමණි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

USD United States (US) dollar