slc
Home   |    News
නොවැම්බර් 20, 2021
කලම්බු ස්ටාර්ස්හි හිමිකාරීත්වය ‘සොෆ්ට්ලොජික්’ට

sinhala editor

දෙවැනි වරටත් දෙසැම්බර් 05 වැනිදා දිග හැරෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ නව හිමිකරු බවට පත්ව සිටින සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ නිර්මාතෘ සහ වර්තමාන සභාපතිවරයා වන්නේ  අශෝක් පතිරගේ මහතා වේ.

එල්.පී.එල්. 2021 තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ හිමිකරු බවට පත්වීම පිළිබඳව අදහස් දක්වා සිටි පතිරගේ මහතා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධවීමට හැකිවීම ගැන අතිශය සතුටට පත්වන බවයි. “එල්.පී.එල්. තරගාවලිය ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති විස්සයි-20 තරගාවලියන්ගෙන් එකක් බවට පත්වීමට නියමිතව තිබෙනවා. එවැනි තරගාවලියක ඉදිරි වසර කීපය තුළ තරගාවලිය වර්ධනය සහ විකාශනයට දායක වීමට අවශ්‍යතාවයක් මතු වුණා. මේ තරගාවලිය ආරම්භ වන තෙක් අපිට ඉවසිල්ලක් නෑ. මෙවර තරගාවලියේදී අපේ කණ්ඩායම සිය උපරිමයෙන්ම ක්‍රීඩා කරලා හොඳම ප්‍රතිඵල අපිට ලබා දෙනු ඇති බවට අපි බලාපොරොත්තු වෙනවා” යි අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් ආයතනය යනු යනු මෙරට ප්‍රමුඛතම ආර්ථික අංශ කීපයක් කරා විහිදී ගොස් ඇති ආයතන වලින් සමන්විත ව්‍යාපාරායතනයකි. සෞඛ්‍ය සේවා, මුල්‍ය සේවා, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, මෝටර් රථ සහ විනෝදාශ්වාදය යන අංශ මූලික කර ගනිමින් ඔවුන් සිය ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබති.

2020 වසරේ නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන ලද ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලියේ ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය, ඩිජිටල්  මාධ්‍ය ජාලා ඔස්සේ එය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්විය. ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන ලද  My11Circle ආයතනයේ සන්නාමයට ලැබුණු මාධ්‍ය ආවරණයේ අගය මිලියන 54.5 ක අගයකි. එම අගැයුම් වාර්තාවට අනුව පළමු තරගාවලියේ ශූරතාව දිනාගත් යාපනය කණ්ඩායමට ඩොලර් මිලියන 3.98 ක මාධ්‍ය ආවරණ වටිනාමක්ද, ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඩොලර් මිලියන 3.82 ක්ද, දඹුල්ල පිල ඩොලර් මිලියන 3.54 ක් ද, කලම්බු කිංග්ස් පිල ඩොලර් මිලියන 3.44 ක්ද සහ මහනුවර කණ්ඩායම ඩොලර් මිලියන 3.19 ක වටිනා කමකින් යුත් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබාගැනීමට සමත්ව සිටිති.

අභිනව තරගාවලියේ විකාශන කටයුතු Sky Sports, Sony Sports Network, Geo, PTV, සහ ශ්‍රී ලංකාවේ Willow ටීවී හරහා ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල මිලියන 155 ක ජනතාවට නැරඹීමට අවස්ථාව හිමිවිය. එපමණක් නොව සමාජ මාධ්‍යයන් තුළ එය මිලියන 218 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest