slc
logo
Home   |    News
නොවැම්බර් 18, 2021
කාන්තා ක්‍රිකට් ශක්තිමත් කරන්න 21 න් පහළ සංචිතයක්

sinhala editor

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව වයස අවුරුදු 21 න් පහළ කාන්තා සංවර්ධන සංචිතයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. දක්ෂතාවයන් සොයා යෑමේ දීපව්‍යාප්ත වැඩ සටහනකින් අනතුරුව තෝරා ගන්නා ලද ක්‍රීඩිකාවන් 120 දෙනෙකු අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් 20 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.

අලුතින් පිහිටුවා තිබෙන මෙම සංචිතය මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන දිස්ත්‍රික් සංචිත යටතේ ගුරුහරු කම් ලබනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ ඒ දිස්ත්‍රික් සහ පළාත් සඳහා පත් කර ඇති පුහුණුකරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩිකාවන් පළමුව මාස 3 ක පුහුණු වැඩසටහනකට සහභාගිවනු ඇත.

එම පුහුණු වැඩ සටහන සම්පූර්ණ කිරීමෙන් පසු සිදුකරනු ලබන දක්ෂතා තක්සේරුවකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඇතුළත් කෙරෙති. වාර්ෂිකව ක්‍රියාත්මක වන එම තරගාවලිය ලබන 2022 වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සංචිත ගත ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක තෛයිමාසික පුහුණු වැඩසටහනේදී මූල්‍ය දීමනාවක් ලබා දීමේ පියවරක් ලෙස මාස 3 ක කාල සීමාවේදී ඔවුන්ට කොන්ත්‍රාතුවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

අවු. 21 න් පහළ සංචිතය

  • රන්දි ප්‍රේමරත්න – ශාන්ත ජෝශප් – කෑගල්ල
  • සංසලා වනිගසේකර – නුගවෙල මැදි මහ – මහනුවර
  • තරුෂි රාජකරුණා – නුගවෙල මැදි මහ – මහනුවර
  • පී.ඩී,එස්.එච්. මහේෂිකා – ශාන්ත ජෝශප් – කෑගල්ල
  • ඩබ්. පී. නිමේෂා තරුමිණි – මාරපොල මහ විදුහල – කෑගල්ල
  • නවෝද්‍යා නෙත්මිනි – වාද්දුව මැදි මහ – කලුතර
  • ඉමෝක්ෂා බාෂිනී – වාද්දුව මැදි මහ – කලුතර
  • සාවින්දි නිමල්ෂා කුරේ – වාද්දුව මැදි මහ – කලුතර
  • මනෝහාරි නිසංසලා – වාද්දුව මැදි මහ – කලුතර
  • සුලේෂා සත්සරණි – දේවපතිරාජ – ගාල්ල
  • චේතනා විමුක්ති – පැල්වත්ත මහ ව- මොනරාගල
  • අයේෂා දිලක්ෂිණී – මාස්පන්න මහ විදුහල – බදුල්ල
  • ලංකා තිලිණි – සිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
  • ශානු බාස්කරන් – මහජන විදුහල – යාපනය
  • ජනනි වීරකෝන් – රාජකීය විදුහල – පොලොන්නරුව
  • තරුෂි සත්සරණි – පොරමඩුල්ල මැදි මහ – නුවරඑළිය
  • එරංගා දිසානායක – කටුපොත තිස්ස මැදි මහ – කුරුණෑගල
  • මතුරිකා මුරලිතාසන් – ස්කැන්ත්වරෝදයා විදුහල – යාපනය
  • දුලංගා දිසානායක – අනුලා විදුහල – කොළඹ
  • මෙත්මා හෙට්ටිආරච්චි – අනුලා විදුහල – කොළඹ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee