slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2021
කොදෙව් පළමු ටෙස්ට් තරගයේදී ‘රංජන් මඩුගල්ලේ’ගෙන් තවත් වාර්තාවක්

sinhala editor

By Chamila Karawita

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ මහතා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී තම තරග තීරක දිවියේ තවත් සුවිශේෂී කඩ ඉමක් පසු කරනු ඇත. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් මඩුගල්ලේ මහතාව පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද පළමු පුද්ගලයා වීමේ අවස්ථාව මඩුගල්ලේ මහතාට උදාවනු ඇත.

ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන මඩුගල්ලේ මහතා මෙම සුවිශේෂී කඩ ඉම ඉක්මවා ලීමට පෙර පළමු වරට ලොව ටෙස්ට් තරග 100 ක් සහ ටෙස්ට් තරග 150 ක සීමාව පසු කරන ලද පළමු තරග තීරකයා ලෙසින්ද වාර්තා පොත් අතරට එක්ව සිටියි. එම සුවිශේෂී කඩ ඉම් පසු කරන ලද අවස්ථා ද්විත්වයම මවුබිමෙන් පිටදී සටහන් වුවත්, 200 වැනි තරගය සිය මව්බිමේදී සටහන් කර ගැනීමට මඩුගල්ලේ මහතාට අවස්ථාව උදාවීමද දෛවෝපගත සිදුවීමක් ලෙස හැඳින්විය හැක.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන තීරකවරයා ලෙසින් කටයුතු කරන මඩුගල්ලේ මහතා 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ආරම්භ කර තිබේ. එදා ඇරැඹි තරග තීරක දිවියේ ඔහුගේ අවසන් තරගය හෙවත් 199 වැනි තරගය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගිවුණු ටෙස්ට් තරගාවලිය වූ බංග්ලාදේශයට එරෙහිව මේ වසරේ  අප්‍රේල් මස පැවැති තරගාවලියේදී වේ.

හැට දෙහැවිරිදි වියේ පසුවන මඩුගල්ලේ මහතා ඔස්ට්‍රේලියාව ශූරතාව දිනා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසන් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේද තරග තීරකවරයා වශයෙන් කටයුතු කළේය. එම තරගාවලියද ඇතුළුව මෙතෙක් ලෝක කුසලාන තරගාවලි 8 කදී තරගතීරකවරයකු ලෙස සේවය ලබා දී තිබෙන ඒ මහතා 1999, 2003 සහ 2019 යන වසර වල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරග වලද තරග තීරකවරයා වශයෙන් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති ඒ මහතා අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසින්ද කටයුතු කර තිබේ. එක්දින තරග 63 ක් වෙනුවෙන් දායකත්වය දී ඇති මඩුගල්ලේ මහතා ඉන් අවස්ථා 13 කදී නායකයා ලෙසින් කටයුතු කර තිබේ.

මඩුගල්ලේ මහතාට අමතරව මෙම තරගාවලිය සඳහා නම් කරන ලද තරග විනිසුරු මඬුල්ලට 2012 සහ 2018 වසර වලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ හොඳම විනිසුරුවා ලෙසින් සම්මාන දිනා ගත් කුමාර් ධරමසේන, අන්තර්ජාතික විනිසුරු මඬුල්ලේ සාමාජිකයින් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ද පසු වෙති.

කොදෙව් තරගාවලිය සඳහා වන නිලධාරී මඩුල්ල

තරග තීරක – රංජන් මඩුගල්ල

තරග විනිසුරුවන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee