slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2021
කොරෝනා බලපෑමෙන් කාන්තා පිලට ලෝක කුසලාන ගමන ඇහිරෙයි

sinhala editor

සිම්බාබ්වේහි පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත මඟ නතර කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සෙනසුරාදා (27 දා) තීරණය කළේය. දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයෙන් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා අප්‍රිකානු රටවලට පනවා ඇති සංචරණ නීති හේතුවෙන් තරගාවලිය අතර මඟ නතර කිරීමට හේතු වී තිබේ.

තරගාවලියට සහභාගිවී සිටින චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 23 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 82 ක ජයක් වාර්තා කළේය. ප්‍රසාද ලකුණු 2 ක්ද සමඟින් 0.95 ක දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට නොමැත.

කණ්ඩායම් 9 ක තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලියේ 2022 වසරේ මාර්තු මසදී නවසීළන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 3 ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විණි. තරගාවලිය අතරමඟදී අත හැර දැමීමට සිදුවීම හේතුවෙන් තරගාවලියේ කොන්දේසියට අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටි කණ්ඩායම් 3 ඒ සඳහා තෝරා ගෙන තිබේ.  බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

ශ්‍රී ලංකා පිලට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගය ආරම්භ වීමට හෝරා කීපයකට පෙර ශ්‍රී ලංකා පිලේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයකුද කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බව දැනගත් වහාම එම තරගය අවලංගු කර දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළ බව ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර තිබේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee