slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2021
ජැෆ්නා පිලේ දඟ පන්දු පුහුණුකරු තනතුර මුතුමුදලිගේට

sinhala editor

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ මුතුමුදලිගේ පුෂ්පකුමාර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ. ජැෆ්නා කිංග්ස් පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි සචිත් පතිරණ අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතව සිටි බැවින් එම අවස්ථාව පුෂ්පකුමාරට හිමිව තිබේ.

කුවේට් රාජ්‍යයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සහ සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන පුෂ්පකුමාර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද කටයුතු කර තිබේ. කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපන හැදෑරූ පුෂ්පකුමාර 1999 වසරේදී දක්ෂතම පාසල් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් තේරී පත්වූවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee