slc
Home   |    News
දෙසැම්බර් 13, 2021
ජැෆ්නා කිංග්ස් අවසන් කණ්ඩායම් 4 අතර සටනට කළින්ම එයි

sinhala editor

By Chamila Karawita

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු තරගාවලියේ පරිදිම දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ද තවදුරටත් ප්‍රබලතම කණ්ඩායම තමන් යැයි අද (13 දා) ඔප්පු කර පෙන්වීය. මෙවර තරගාවලියේ පිට පිටම වාර්තා කරන ලද 5 වැනි තරග ජය ලෙසින් සටහන් වූ මෙම තරග ජයග්‍රහණයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට කල් තියාම සිය ස්ථානය වෙන්කර ගැනීමටද ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අද සමත්වූහ.

දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ 14 වැනි තරගය බවට පත් මෙම තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිල ලකුණු 69 කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත්වද්දී එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ පන්දු 64 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව සිය ඉලක්කය සපුරා ගත්හ.

ජැෆ්නා පන්දු යවන්නන් හමුවේ දඹුල්ල කණ්ඩායම දැවී ගිය ලකුණු 69, එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ ගිය වර ජැෆ්නා කිංග්ස් පිල හමුවේ කැන්ඩි කණ්ඩායම දැවී ගිය ලකුණු 105 වේ.

ඉලක්කය පහසු වූ බැවින් එය හඹා යෑම ද පිතිකරණ පුහුණුවක් බවට ජැෆ්නා කණ්ඩායම පත් කර ගත්තේය. එහිදී මෙතෙක් ලකුණු අතරට පැමිණීමට අපොහොසත්ව සිටි කණ්ඩායම සතු වටිනාම ක්‍රීඩකයා වූ වනිඳු හසරංගව අංක 3 පිතිකරණ ස්ථානය දක්වා උසස් කරමින් පන්දුවට පහර දීමට එවීම කැපී පෙනුණි. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා හයේ පහර  2 ක් සහ හතරේ පහර 5 ක් සමඟ පන්දු 18 කදී වේගවත් 37 ක් ලබා මෙතෙක් සිරකගෙන සිටි පිතිකරණ කුසලතාවයද ඔප්නංවා ගත්තේය.

උපුල් තරංගව මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව තිබියදී ඉම්රාන් තහීර් දවා ගත්තත් අනෙක් අන්තය ආරක්ෂා කරගත් අවිෂ්ක ප්‍රනාන්දු, අපේක්ෂිත පිතිකරණ පුහුණුව ලබා ගැනීමට වනිඳුට අවස්ථාව ලබා දුන්නේය. කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය ජැෆ්නා කිංග්ස් පිල සපුරා ගනිද්දී අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 17 කට මුහුණ දී ලකුණු 22 ක් ලබා සිටියේය.   

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දු යැවීම තෝරා ගත් ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ කාර්යය සාධනය ඉතා ඉහළ මට්ටමක පැවැතිණ. එහි පළමු සාර්ථක ප්‍රතිඵලය පළමු පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ලබා දීමට මහීෂ් තීක්ෂණ සමත්විය. සියල්ල කණ පිට හැරුණේ නිරෝෂන් දික්වැල්ලගේ අවදානම් සසහගත රිවර් ස්වීප් පහරත් සමඟින් වූ අතර එතැන් පටන් ම දඹුල්ල පිලට යළි හිස එසවීමේ අවස්ථාවක් තීක්ෂණ ප්‍රමුඛ ප්‍රතිවාදී පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන්හ.

කිසිසේත් අපේක්ෂා නොකළ වූ කණගාටුදායක දඹුල්ල ලකුණු පුවරුවේ පිල් සෝල්ට් (23) සහ තරිඳු රත්නායක (14) ලකුණු 10 සීමාව ඉක්මවා රැස් කර ගත්තා හැරුණු කොට සෙසු සියලුම පිතිකරුවෝ දුරකතනයේ සටහන් අංක වල අගයන් සටහන් කරමින් දැවී ගියහ. ඔවුහු කිසි විටෙකත් තණතීරුවේ තත්ත්වයන් වලට අනුගතවීමක් නොපෙන්වූ අතර එය තමන්ගේ වාසියට කරකවා ගත් ජැෆ්නා පන්දු යවන්නෝ එක පිට එක කඩුලු දවා ගනු ලැබුවේ ප්‍රතිවාදීන්ට සැනසිල්ලට කිසිවක් ඉතිරි නොකිරීමට වග බලා ගනිමිනි.

කඩුලු දැවී යෑමේදී ආරක්ෂක පිළිවෙළක් අනුගමනය කරමින් පිටියේ ස්ථාවර වීම වනවා නොවන්නට පීඩනය අතරින් සෑම පිතිකරුවකුම ලකුණු සොයා ගියහ. එහි භයානක ප්‍රතිඵලය බවට පත්වූයේ දඹුල්ල ඉනිම පන්දුවාර 14 කුත් පන්දුවකදී නිමාවට පත්වීමයි.

වේග පන්දු යවන්නකු ලෙසින් අවසන් 11 දෙනා අතරට එකතු එකම ක්‍රීඩකයා වූයේ උස්මාන් ශින්වාරි වන අතර ඔහුට අද තරගයේදී එකම පන්දු වාරයක් හෝ යැවීමට අවස්ථාවක් නොවීය. ජැෆ්නා කිංග්ස් දඟ පන්දු යවන්නෝ ඒ තරම්ම හොඳින් සිය කාර්යය භාරය ඉටු කළහ. දැවී ගිය කඩුලු 10 කඩුලු 4 ක් චතුරංග ද සිල්වාගේ නම ඉදිරියෙන් සටහන් වුවද ඔවුන් අතර තරුව බවට පත්වූයේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගත් මහීෂ් තීක්ෂණය. නිරෝෂන් දික්වැල්ල සහ ෂොයෙබ් මක්සූඩ්ව පිට පිට පන්දු 2 කදී දවා ගත් දකුණත් දඟ පන්දු යවන්නා තෙවැනි පිතිකරුවා ලෙස නුවනිඳු ප්‍රනාන්දුව පිටියෙන් ඉවත් කරන විට දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 09 ක් ලෙසින් සටහන් ව තිබිණ.

අනතුරුව සිය වමතේ රංගනය ඇරැඹූ චතුරංග ද සිල්වා ඔහුගේ බාල සොහොයුරා වන වනිඳු හසරංග සමඟ කඩුලු දඩයමේ නිරත වූහ. දඹුල්ල ඉනිමේ ක්‍රියාත්මක පන්දුවාර 14 න් 8 ක්ම අයියා – මලෝ විසින් ක්‍රියාත්මක කරද්දී මතු පිට දඟ කැවීම, වේගය සහ පාලනයකින් යුතු පන්දු හමුවේ චතුරංගගේ නම ඉදිරියෙන් කඩුලු 4 ක්ද හසරංගගේ නම ඉදිරියෙන් එක් කඩුල්ලක් සටහන් විය. ජයන්ට්ස් ඉනිමේ ක්‍රියාත්මක පන්දුවාර 14.1 ම දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කිරීමද කැපී පෙනෙයි.

තරගයේ වීරයා – චතුරංග ද සිල්වා

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 69 යි – (පිල් සෝල්ට් 23, තරිඳු රත්නායක 14, චතුරංග ද සිල්වා 16/4, මහීෂ් තීක්ෂණ 21/3, වනිඳු හසරංග 16/1, ෂොයෙබ් මලික් 14/1, අෂේන් බණ්ඩාර 00/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 9.2 කදී කඩුලු 3 ට ලකුණු 73 යි – (වනිඳු හසරංග 37, අවිෂ්ක ප්‍රනාන්දු 22*, ඉම්රාන් තහීර් 21/2, ජොෂ් ලිට්ල් 07/1)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest