slc
Home   |    News
දෙසැම්බර් 7, 2021
ජැෆ්නා කිංග්ස් පළමු ජය ලබයි  

sinhala editor

By Chamila Karawita

පළමු තරගයේ වූ අතපසුවීම් දෙවැනි තරගයේදී සිදු නොකරන්නට වග බලාගත්  ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ මූලික තරග වටය යටතේ සහභාගි වුණු දෙවැනි තරගය හෙවත් දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහි තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අද (07 දා) අත්කර ගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමු තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කරගනිමින් පළමුව පන්දුවට පහර දීමට දඹුල්ල නායක දසුන් ශානක තීරණය කළද ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ රැස් කරගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි.

ඉලක්කය හඹා යෑමේදී යළිත් ආරම්භක පිතිකරු ස්ථානය දක්වා උසස්වීම් ලබමින් පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු අතරට පිවිසුණේය. පන්දු 27 ක් පමණක් වැය වුණු අවිෂ්කගේ ලකුණු 33 ක ඉනිම සඳහා ඔහු හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් කර ගත්තේය. රාමනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල ඉම්රාන් තහීර් විසින් වේලාසනම දවා ගත්තද ටොම් කෝලර්කැඩ්මෝට එක්වූ අවිෂ්ක දෙවැනි කඩුල්ලට පන්දු 41 කදී ලකුණු 63 ක් එක් කළහ.

වේගවත් ඉනිමක නිරත වුණු කෝලර්කැඩ්මෝට අර්ධ ශතකයක් වාර්තා කිරීමට පහසුම අවස්ථාවක් උදා වුවත් අවිෂ්කගේ දැවී යෑමත් සමඟ පිටියට පිවිසි ෂොයෙබ් මලික් වේගවත් ඉනිමක නිරත වීම නිසා එම අවස්ථාව ඔහුට අහිමිවිය. මලික් පිටියට පිවිසෙන විටත් ජැෆ්නා ජයග්‍රහණයට ලකුණු 34 ක් ද කෝලර්කැඩ්මෝගේ අර්ධ ශතකයට ලකුණු 11 ක්ද අවශ්‍යව තිබිණ, එහෙත් පැමිණි අවස්ථාවේ සිටම මනා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන් මලික් නුවන් ප්‍රදීප්ගේ එක් පන්දුවාරයකට හයේ පහර 3 ක්ද සමඟින් ලකුණු 21 ක් රැස් කිරීමට සමත්වීම නිසා එම අවස්ථාව කෝලර්කැඩ්මෝට අවහිර විය.

පන්දු 45 ක් ඉතිරිව තිබියදී ජැෆ්නා කිංග්ස් ජයග්‍රහණය සනිටුහන් වද්දී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් කෝලර්කැඩ්මෝර්ගේ නම ඉදිරියෙන් පන්දු 30 කදී ලකුණු 45 ක්ද හයේ පහර 3 ක් සමඟින් ෂොයෙබ් මලික්ගේ නම ඉදිරියෙන් පන්දු 10 කදී ලකුණු 26 ක්ද සටහන්ව තිබිණ.

වෘත්තීය පන්දු යවන්නන්ගේ මනා සංකලනය ද සමග සැලසුම් සහගතව අවතීර්ණ වූ ජැෆ්නා කිංග්ස් පිල පළමු පන්දුවාරයේ සිටම ග්‍රහණය තර කළ හෙයින් පන්දුවාර 20 අවසන් වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදී දඹුල්ල ඉනිම නිමාවට පත්විය. බලාපොරොත්තු වූ පරිදිම සාර්ථක ප්‍රතිඵල ගෙනා දුන් මහීෂ් තීක්ෂණ පළමුව දඹුල්ල පිලේ ප්‍රහාරාත්මක පිතිකරුවා වූ පිල් සෝල්ට්වද පසුව නායක දසුන් ශානක සහ නජිබුල්ලා සර්දාන්ව පන්දු 3 ක් ඇතුළතද දවා ගනිමින් තරගයේ වැඩි වාසි ජැෆ්නා කිංග්ස් වෙත හරවා දුන්නේය.

තම පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සටහන් කරගත් දකුණත් පන්දු යවන්නා තීක්ෂණ ලකුණු 22 කට කඩුලු 3 ක්ද වනිඳු හසරංග ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්හ. ඊට අමතරව වේග පන්දු යවන්නන් වූ සුරංග ලක්මාල් සහ ජේඩ්න් සීල්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

දඹුල්ල ජයන්ට්ස් පල මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීමට ඔවුන්ගේ නීරස පිතිහරඹයද හේතු නොවූවා නොවේ. පන්දුවට පහර එල්ල කිරීමේදී නිසි තෝරා ගැනීමකින් තොරව ක්‍රීඩා කිරීමෙහි ප්‍රතිඵලය වූයේ නුවනිඳු ප්‍රනාන්දු (23) හැර සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව පසුකර යෑමට නොහැකි වීමයි.

තරගයේ වීරයා – මහීෂ් තීක්ෂණ

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (නුවනිඳු ප්‍රනාන්දු 23, දසුන් ශානක 13, චාමික කරුණාරත්න 18, රමේෂ් මෙන්ඩිස් 14, මර්චන් ඩි ලෑන්ග් 13, වනිඳු හසරංග 16/3, මහීෂ් තීක්ෂණ 22/3, සුරංග ලක්මාල් 28/2, ජේඩ්න් සීල්ස් 23/2)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 12.3 කදී කඩුලු 2 කට ලකුණු 114 යි – (ටොම් කෝලර්කැඩ්මෝර් 45*, ෂොයෙබ් මලික් 26*, අවිෂ්ක ප්‍රනාන්දු 33)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest