slc
Home   |    News
දෙසැම්බර් 13, 2021
LPL ටිකට් ගන්නේ මෙහෙමයි

sinhala editor

වැඩි අවධානයක් දිනා ගනිමින් දැන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL-  2021 තරගාවලිය නැරඹී සඳහා වන ප්‍රවේශ පත්‍ර තුන් ආකාරයකින් මිලදී ගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ. මූලික වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවට අමතරව,  srilankacricket.lk, BookMyShow.com  සහ Daraz.lk යන වෙබ් අඩෙවිවලට පිවිසීමෙන්ද සිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ හැකියාව පවතින අතරම තරගාවලියේ දෙවැනි අදියර වන පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා වන ප්‍රවේශ පත්‍ර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් ලබා ගත හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා තිබෙන ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් දිනපතා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිද්දී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුලුව දෙසැම්බර් 19 වැනිදා සිට විවෘත වනු ඇත. පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා වූ කාල සීමාවේදී එම ප්‍රවේශ පත්‍ර ක්‍රීඩාංගණ ප්‍රධාන ගේට්ටුවෙන් (‘ඒ’ ගේට්ටුව) මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවේ.

අන්තර්ජාලය හරහා වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් හෝ තරග ක්‍රියාත්මක ක්‍රීඩාංගණවල පිහිටුවා තිබෙන ප්‍රවේශපත්‍ර මධ්‍යස්ථානවලින් ලබාගත හැක.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest