slc
logo
Home   |    News
ජනවාරි 19, 2022
ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව නම් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායමට පාකිස්තානයෙන් ක්‍රීඩකයෙන් තිදෙනකු, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් තිදෙනකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලත්ය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් ලොව හොඳම විස්සයි-20 කණ්ඩායමට නම් කර තිබේ.

ගෙවී ගිය වසරේදී දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණු හසරංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් ලොව අවධානයට පාත්‍ර වූවේය. පන්දු යැවීමට අමතරව පිතිකරුවකු ලෙසද දක්ෂතා දැක්වීමට වනිඳු සමත්වීම, හොඳම ක්‍රීඩකයින් අතරට එකතුවීමට මං පෙත් විවර කර දී තිබේ. ගෙවී ගිය වසරේදී වනිඳු විස්සයි-20 තරග 20 කට සහභාගිවෙමින් කඩුලු 36 ක් දවා ගැනීමටද ලකුණු 196 ක්ද ලබා ගැනීමට සමත්ව සිටියි.

නම් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 කණ්ඩායම – ජොස් බට්ලර්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), බාබර් අසාම් (නායක), ඒඩ්න් මාක්‍රම්, මිචෙල් මාෂ්, ඩේවිඩ් මිලර්, ටබ්‍රේස් ශම්සි, ජොස් හෙසල්වුඩ්, වනිඳු හසරංග, මුස්ටෆිසූර් රෙහ්මාන්, ශහීන් අෆ්රිඩි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee