slc
Home   |    News
ජනවාරි 18, 2022
ශ්‍රී ලංකා කාන්තා පිලට වාර්තා ගත ජයක්

sinhala editor

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගිවූ පළමු තරගයෙන් ලකුණු 109 ක වාර්තා ගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (18 දා) සමත්විය.

මැලේසියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 182 ක් රැස් කරන ලදුව, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ස්කොට්ලන්ත පිල ලකුණු 73 කට සීමා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙරට කාන්තා විස්සයි-20 කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වද්දී ශ්‍රී ලංකාව ලද ලකුණු 109 ක ජයග්‍රහණයද වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජය වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

ඒ වෙනුවෙන් වැඩිම කාර්යය භාරයක් ඉටු කළ නායිකා චමරි අතපත්තු පන්දු 45 කදී වේගවත් ලකුණු 86 ක් ලබා ගත්තාය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 කින් චමරිගේ ඉනිම සමන්විත විය. පළමු කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්න සමඟ ලකුණු 34 ක සම්බන්ධාතවත් පැවැත්වූ චමරි හසිනි පෙරේරා සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් 90 ක සම්බන්ධතාවත් ගොඩ නංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීය. මැද පෙළින් ඉනිම ශක්තිමත් කළ උප නායිකා හර්ෂිතා මාධවී සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 23 බැගින් රැස් කළහ.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී එලන් වොට්සල් ලකුණු 30 ක් රැස් කර ද්දී සාර් බ්‍රයිස් ලකුණු 11 ක් රැස් කරගත්තාය. ඒ හැරුණු කොට එකම පිතිකාරිණියකටවත් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා සහ සචිනි නිසංසලා කඩුලු 2 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 4  ට ලකුණු 182 යි – (චමරි අතපත්තු 86, හර්ෂිතා මාධවී 23, නිලක්ෂිකා සිල්වා 23*, අමා කාංචනා 11*)

ස්කොට්ලන්ත පිල පන්දුවාර 12.1 කදී ලකුණු 73 යි – (එලන් වොට්සන් 30, සරා බ්‍රයිස් 11, උදේශිකා ප්‍රබෝධනී 25/2, අමා කාංචනා 20/2, සචිනි නිසංසලා 10/2)

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest