slc
logo
Home   |    News
ජනවාරි 6, 2022
කොමන්වෙල්ත් තරගාවලියට සුදුසුකම් ලබන්න කාන්තා ක්‍රීඩිකාවෝ මැලේසියාවට යති

sinhala editor

By Chamila Karawita

එංගලන්තයේ බර්මිංහැම්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම මස 09 වැනිදා මැලේසියාව බලා පිටත්ව යනු ඇත.

ජනවාරි 18 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. නම් කරන ලද කණ්ඩායමේ උප නායිකාව ලෙස හර්ෂිතා මාධවී නම් කර තිබේ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගනු ලබන කණ්ඩායම 2022 වසරේ ජූලි 29 වැනිදා බර්මිංහැම්හිදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලිකත්වය ගෙන පවත්වනු ලබන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී බංග්ලාදේශය, කෙන්යාව, ස්කොට්ලන්තය සහ සත්කාරක මැලේසියාව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීහු වෙති. එම තරගාවලියේදී 19 වැනිදා ස්කොට්ලන්තය සමග තරග වදින ශ්‍රී ලංකාව 20 වැනිදා කෙන්යාවට එරෙහිවත්, 22 වැනිදා සත්කාරක මැලේසියාවටත් සහ 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකාව), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනූෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, අමා කාංචනා, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, විශ්මි රාජපක්ෂ, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, අචිනි කුලසූරිය.

අතිරේක ක්‍රීඩිකාවන් – මදුශිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි, සත්‍යා සංදීපනී

තරග කාල සටහන

ජනවාරි 18 – ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර

ජනවාරි 20 – ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර

ජනවාරි 22 – ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර

ජනවාරි 24 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee