slc
logo
Home   |    News
ජනවාරි 22, 2022
මැලේසියාව පැරදූ ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව ඉදිරියට ඇදෙයි

sinhala editor

මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (22) පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 93 ක ජයක් සත්කාරක මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගැනීමට සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල එම තරග වටය යටතේ සහභාගිවූ තරග 3 ම ජය ගනිමින් ඉදිරියට යෑම කැපී පෙනෙයි.

මැලේෂියාව මේ තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාවට මුලින් පන්දුවට පහරදීමට ඇරියුම් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු 3ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු 175ට පිළිතුරු ලෙස මැලේෂියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත්තේ ලකුණු 82ක් පමණකි.

ශ්‍රී ලංකා උප නායිකා හර්ෂිතා මාධවී පන්දු 42කදී හතරේ දහයක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස්කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරිණි. හර්ෂිතාට අමතරව නිලක්ෂි ද සිල්වා පන්දු 31කදී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 49ක්ද නායිකා චමරි අතපත්තු පන්දු 17කදී හතරේ හතක් සමඟ ලකුණු 30ක්ද රැස්කළහ. මැලේෂියා නායිකා දුරායි සිං ලකුණු 42ක් ලැබුවාය.

හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා සිව්වන කඩුල්ලට පන්දු 46කදී ලකුණු 87ක සබඳතාවයක් තබා ගනිමින් ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවය වාර්තා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන තරගය පැවැත්වෙන්නේ 24 වැනිදා බංග්ලාදේශය සමඟය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 3ට 175යි – (හර්ෂිතා මාධවී නොදැවී 65, නිලක්ෂි ද සිල්වා නොදැවී 49, චමරි අතපත්තු 30, නික් නූර් අටෙයිලා 21/1යි)

මැලේෂියා කාන්තා කණ්ඩායම කඩුලු 7ට 82යි – (විනිෆ්‍රෙඩ් ඩුරායි සිං 42, නූර් නට්ශ්‍යා 10, සුගන්ධිකා කුමාරි 12/2, ඕෂදි රණසිංහ 14/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee