slc
logo
Home   |    News
ජනවාරි 18, 2022
ශ්‍රී ලංකා කාන්තා පිලට වාර්තා ගත ජයක්

sinhala editor

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගිවූ පළමු තරගයෙන් ලකුණු 109 ක වාර්තා ගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (18 දා) සමත්විය.

මැලේසියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 182 ක් රැස් කරන ලදුව, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ස්කොට්ලන්ත පිල ලකුණු 73 කට සීමා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙරට කාන්තා විස්සයි-20 කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වද්දී ශ්‍රී ලංකාව ලද ලකුණු 109 ක ජයග්‍රහණයද වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජය වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

ඒ වෙනුවෙන් වැඩිම කාර්යය භාරයක් ඉටු කළ නායිකා චමරි අතපත්තු පන්දු 45 කදී වේගවත් ලකුණු 86 ක් ලබා ගත්තාය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 කින් චමරිගේ ඉනිම සමන්විත විය. පළමු කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්න සමඟ ලකුණු 34 ක සම්බන්ධාතවත් පැවැත්වූ චමරි හසිනි පෙරේරා සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් 90 ක සම්බන්ධතාවත් ගොඩ නංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීය. මැද පෙළින් ඉනිම ශක්තිමත් කළ උප නායිකා හර්ෂිතා මාධවී සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 23 බැගින් රැස් කළහ.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී එලන් වොට්සල් ලකුණු 30 ක් රැස් කර ද්දී සාර් බ්‍රයිස් ලකුණු 11 ක් රැස් කරගත්තාය. ඒ හැරුණු කොට එකම පිතිකාරිණියකටවත් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා සහ සචිනි නිසංසලා කඩුලු 2 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 4  ට ලකුණු 182 යි – (චමරි අතපත්තු 86, හර්ෂිතා මාධවී 23, නිලක්ෂිකා සිල්වා 23*, අමා කාංචනා 11*)

ස්කොට්ලන්ත පිල පන්දුවාර 12.1 කදී ලකුණු 73 යි – (එලන් වොට්සන් 30, සරා බ්‍රයිස් 11, උදේශිකා ප්‍රබෝධනී 25/2, අමා කාංචනා 20/2, සචිනි නිසංසලා 10/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee