slc
logo
Home   |    News
ජනවාරි 11, 2022
සිම්බාබ්වේට රෙහි එක්දින සටනට නිලධාරීන් නම් කරයි

sinhala editor

ජනවාරි මස 16 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කිරීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින මඩුගල්ලේ මහතාට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින කුමාර් ධර්මසේන මහතා ද විනිසුරුවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

මොවුන් දෙපළට අමතරව ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ  ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්ද එම තරගාවලියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව සිටිති.

තරග තීරක – රංජන් මඩුගල්ලේ මහතා.

තරග විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee