slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2022
එමර්ජින් කණ්ඩායම් 7 ක් පූර්ණ ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන එමර්ජින් (නැගීඑන) කණ්ඩායම් අතර වූ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ගෙවී ගිය සති අන්තයේ (25-26-27) පැවැති තරග අතුරින් කණ්ඩායම් හතක්ම ජයග්‍රාහකයෝ බවට පත්වූහ. ගුවන් හමුදාව, එන්.සී.සී. , සී.සී.සී, නිගම්බු, යුද හමුදාව, කෝල්ට්ස් සහ ටැමිල් යූනියන් මෙම සති අන්තයේ ජයග්‍රහණ වාර්තා කරන ලද කණ්ඩායම් බවට පත්වූහ.

තරගාවලියේ ප්‍රධානතම පෙරැළියබවට පත්වූයේ ප්‍රබල එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 151 කින් පරාජයට පත් කිරීම වේ. ඊට අමතරව ගතවූ සති අන්තයේ තවත් තරග 11 ක් පැවැති අතර එහිදී. සී.සී.සී., ගුවන් හමුදාව, එන්. සී. සී., කෝල්ට්ස්, යුද හමුදාව, ටැමිල් යුනියන්, නිගම්බු, මුවර්ස් සහ නුගේගොඩ කණ්ඩායම් ජය වාර්තා කළහස.

අවසන් දිනයේදී ගුවන් හමුදා පිලේ මුවින් සුමසිංහ සහ රාගම පිලේ අවිශ්ක තරිඳු ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත්වූහ කැපී පෙනුණ. මුවින් නොදැවී ලකුණු 203 ක් ද තරිඳු ලකුණු 215 ක්ද වාර්තා කළහ. පන්ද      යවන්නන් අතරින් ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවා ගැනීමට යුද හමුදා පිලේ කෞමාල් නානායක්කාට සමත්විය.

සී.සී.සී. ඉනිමක සහ ලකුණු 100 ක ජයක්

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයෙන් නාවික හමුදාව ඉනිමකින් සහ ලකුණු 100කින් පරාජය කිරීමට සී.සී.සී. කණ්ඩායම සමත් විය. ඉනිමක  පරාජයෙන් බේරීමට නාවික හමුදාවට දෙවන ඉනිමේදී ලකුණු 219 ක් අවශ්‍ය වුවත් ඔවුන් ලබාගත්තේ ලකුණු 119ක් පමණකි

නාවික හමුදාව ප්‍රථම ඉනිම 170 යි සහ දෙවැනි ඉනිම ලකුණු 119 යි – (සුලේක්ෂණ ශ්‍රී සාන් 38, පූර්ණ චාරුක 28 , කේසර නුවන්ත 20, දෙවිඳු කැකිරදෙණිය 38/4, සොනල් දිනූෂ 38/3, බී.මෙන්ඩිස් 18/2)

සී.සී.සී පළමු ඉනිම කඩුලු 6ට 389යි– (මිනෝද් භානුක 180, පන්දු 193යි හතරේ 20යි හයේ 4යි) මාලිංග අමරසිංහ 69, සොනාල් දිල්ෂාන් 68, පූර්ණ චාරුක 71/2)

ගුවන් හමුදාවෙන් පෙරැළියක්

කටුනායක පැවති මේ තරගයෙන් ගුවන් හමුදාව ඉනිමකින් සහ ලකුණු 151කින් ජයගත්තේ තරගයේ තෙවැනි දින දිවා ආහාරයටත් කළින්ය. එස්.එස්.සී.දෙවන ඉනිම බිඳ දැමීම වෙනුවෙන් ගුවන් හමුදා පිලේ නදීර ඉෂාන් ලකුණු 68ක කඩුලු 7ක් දවා තරගය වේලාසනින්ම නිම කිරීමට දායක විය.

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 9ට ලකුණු 412 යි

එස්.එස්.සී ප්‍රථම ඉනිම ලකුණු 88 යි සහ දෙවැනි ඉනිම ලකුණු 173 යි – (කසුන් රාජිත 34, චමිඳු වික්‍රමසිංහ 30, ට්‍රෙවීන් මැතිව් 23, නදීර ඉෂාන් 68/7)

එන්.සී.සී ඉනිමකින් ජයගනී

කුරුණෑගලදී පැවති මේ තරගයෙන් කුරුණෑගල යූත්ට ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ ලකුණු 287ක් අවශ්‍ය වුවත් ඔවුන් ලබා ගත්තේ 173ක් පමණකි.එන්.සී.සී. කණ්ඩායමේ ජෝහාන් ද සිල්වා දෙවන ඉනිමේදී ලකුණු 29කට කඩුලු පහක් දවාලූවේ ය. මේ තරගයද දිවා අහාරය වන විට නිමාවිණි.

එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 8ට 434 යි

කුරුණෑගල යූත් පළමු ඉනිම 147 දෙවන ඉනිම 173 යි පන්දුවාර 48.4 යි – (ළහිරු අබේසිංහ 49,රිසී අදීෂාන් 49, මුදිත ප්‍රේමදාස 27, ජොහාන් ද සිල්වා 29/5 යි, කාවින්ද ඉෂාර 24/3 යි)

කොල්ට්ස් පිලට ඉනිමක ජයක්

කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයෙන් කොල්ට්ස් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 8ක පහසු ජයක් වාර්තා කළේය. දෙවන ඉනිමේදී කොල්ට්ස් කණ්ඩායමේ දිල්ෂාන් මධුශංඛ ලකුණු 58කට කඩුලු හයක් දවාලීය.

ගොල් පළමු ඉනිම 137 යි සහ දෙවන ඉනිම 168 යි – (තරිඳු අමරසිංහ38, සූභා රාජපක්ෂ 34, හරින් බුද්දිල 34, දිල්ශාන් මධුශංඛ 58/6 රොවින් සෙනෙවිරත්න 48/2)

කෝල්ට්ස් පළමු ඉනිම 313 – (ජෙහාන් ඩැනියල් 48, හර්ෂ රාජපක්ෂ 46, ශලිත් ද මෙල් 35, අවිශ්ක පෙරේරා 32, රොහාන් සංජය 32, දිල්ෂාන් මධුශංඛ නොදැවී 29, කවිඳු දිල්හාර 94/4, සුභානු රාජපක්ෂ 71/4)

නුගේගොඩ ඉනිමකින් ජයගනියි

බදුරලිය පළමු ඉනිම සියලු දෙනා දැවී 137 යි සහ දෙවැනි ඉනිම 339 යි – (අෂේන් ගුණවර්ධන 50, කේ. වික්‍රමසිංහ 41, උමයංග සුවාරිස් 76, රනේෂ් සිල්වා 92, රවිශ්ක විජේසිරි 22, සෙනාල් ද සිල්වා 22, කෙවින් පෙරේරා 91/3, නවීණ් ප්‍රනාන්දු 56/2, කෙවින් කොත්තිගොඩ 71/2)

නුගේගොඩ පළමු ඉනිම 499 යි (අභිෂේක් ලියනාරච්චි 99, නිමේෂා ගුණසිංහ 180, කලන මදුශංක 38, රාහුල් ගුණසේකර 88, කෙවින් කොත්තිගොඩ 27, නවීන් ප්‍රනාන්දු 42, තමිඳු වික්‍රමාරච්චි 154/4, සෙනාල් ද සිල්වා 57/2, ෂේන් විජේසිංහ 96/2)

යුධ හමුදාවට කඩුලු 7ක ජයක්

පනාගොඩදී පැවතී මේ තරගයෙන් ජයලැබීමට යුද හමුදාවට දෙවන ඉනිමේදී ලකුණු 124 ක් අවශ්‍ය වූ අතර ඔවුන් කඩුලු තුනක්  පමණක් දැවී පහසු ජයග්‍රහණයක් කරා ගියේය.

වරාය මුල් ඉනිම 93 යි සහ දෙවන ඉනිම 203 යි

යුද හමුදාව මුල් ඉනිම 172 යි සහ දෙවන ඉනිම කඩුලු 3ට 127 යි – (ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 45 මහේෂ් කුමාර නොදැවී 29 නිමාෂ අතරගල්ල 27/2)

ටැමිල් යුනියන්ට කඩුලු 10 ක ජයක්

පොලිස් පළමු ඉනිම ලකුණු 129 කට සීමා කළ ටැමිල් යුනියන් පන්දු යවන්නෝ දෙවැනි ඉයනිමද ලකුණු 133 කට සීමා කරමින් පහසු ජයක් කරා ටැමිල් පිල රැගෙන ගියහ. මෙහිදී රවිඳු ප්‍රනාන්දු සහ දිලුම් සුදීර කඩුලු 4 බැගින් දවා ගත්හ.

පොලිස් පළමු ඉනිම 129 යි සහ දෙවැනි ඉනිම 133 යි – (දිල්හාර පොල්ගම්පොල 45, ජී, කොටුගොඩ 24, ආර්. වෙල්ගමගේ 22, රවිඳු ප්‍රනාන්දු 42/4, දිලුම් සුදීර 45/4)

ටැමිල් යුනියන් පළමු ඉනිම 221 යි සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 42 යි – (සුපුන් කාවින්ද 27*)

නිගම්බූ කඩුලු 4කින් ජයගනියි

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයෙන් ජය ගැනීමට නිගම්බූ කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණූ 143ක් අවශ්‍ය වූ අතර ඔවුන් එය කඩුලු හයක් පමණක් දැවී රැස් කළේය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම 141 සහ දෙවන ඉනිම 197 යි

නිගම්බූ පළමු ඉනිම 196 යි සහ දෙවන ඉනිම කඩුලු 6ට 143 යි -(පසිඳු ලක්ෂාන් 51 සඳරුවන් චින්තක 42, ජීවක සෂින් 17 දීලීප ජයලත් 79/5)

මුවර්ස්ට කඩුලු 5 ක ජයක්

පළමු ඉනිමේදී ලකුණු 165 කට දැවී ගියද දෙවැනි ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 282 ක් රැස් කළ ලන්කන් කණ්ඩායම මුවර්ස් ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක් මුවර්ස් පිල හමුවේ තැබීය. සිව්වැනි ඉනිමේ හඹා යෑමේ වගකීම භාරගත් මුවර්ස් පිතිකරුවෝ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.

ලන්කන් පළමු ඉනිම 165 යි සහ දෙවැනි ඉනිම කඩුලු 9 ට ලකුණු 282 යි – (අයි. දිසානායක 49, ළහිරු දිල්ශාන් 22, රවිඳු රත්නායක 42, රිසිත් උපමාල් 52, දමිත සිල්වා 57, යසිරු රොද්‍රගෝ 20*, තීසන් විදූශාන් 80/4, තිලංග උදේශන 36/3)

මුවර්ස් පළමු ඉනිම 236 යි සහ දෙවැනි ඉනිම කඩුලු 5 ක් දැවී ලකුණු 212 යි – (දිනුක ඩිල්ෂාන් 48, සොහාන් ද ලිවේරා 26, අයන සිරිවර්ධන 22, පසිඳු සූරියබණ්ඩාර 59, ජනිෂ්ක පෙරේරා නොදැවී 46, යසිරු රොද්‍රගෝ 87/2)


හලාවත මේරියන්ස්ට පළමු ඉනිමේ ජයක්

හලාවත මේරියන්ස් පළමු ඉනිම 351 යි සහ දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුණු 164 යි – (විශ්ව චතුරංග 57, සුකිත මනෝජ් 36, රවීන් යසස් 24*)

සැරසන්ස් පළමු ඉනිම 282 යි (තවීෂ කහදුවආරච්චි 24, සසිත පල්ලයගුරු 39, නවිඳු විතානගේ 64, හෂේන් රාමනායක 58, යුෂාන් මලිත් 21, රවීන් යසස් 51/5, චාරුක තරිඳු 60/3)

රාගම පළමු ඉනිමෙන් ජය ගනියි

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දෙවන ඉනිමේදී ප්‍රබල රාගම කණ්ඩායම කඩුලු 7ක් ලකුණු 142කට දවාලීමට පානදුර කණ්ඩායම සමත්විණි. මෙහිදී කෝසල රවිඳු ලකුණු 34කට කඩුලු තුනක්ම දවාලූවේය. අයි. දික්වැල්ල රාගම කණ්ඩායමේ දෙවන ඉනිමේදී ලකුණු 80ක් රැස්කිරීමට සමත්විණි.

රාගම මුල් ඉනිම කඩුලු 6ට 500 – (අවිශ්ක තරිඳු 215, ඩී.බණ්ඩාර 74) සහ දෙවැනි ඉනිම කඩුලු 7ට 142යි) – (ටී.දික්වැල්ල 80, දිනෙත් තිමෝද්‍ය 34, කෝසල රවිඳු 34/3, සසංක නිර්මාල් 37/2)

පානදුර මුල් ඉනිම 361– (ශානුක දුලාජ් 186, සසංක නිර්මාල් 64, කෝසල රවිඳු 33, හරින් රත්නමුදලි 84/6)

කැන්ඩි කස්ටම් පළමු ඉනිමේ ජයක් වාර්තා කරයි

කැන්ඩි කස්ටම්ට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේදී ලකුණු 203ක ඉලක්කයක් බී.ආර්.සී ලබාදුන් අතර තරගය නිමවන විට ඔවුන් කඩුලු 7කට ලකුණු 142ක් ලබා සිටියේය.

බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 9ට ලකුණු 308 යි සහ දෙවැනි ඉනිම කඩුලු 4ට 233 – (විනුර දුල්සර 136, ෂෙසීන් ප්‍රනාන්දු 44, හිරන්ත ජයසිංහ 31, තිමිර මල්ෂාන් 44/1)

 කැන්ඩි කස්ටම් මුල් ඉනිම 329යි (රශ්මික මධුශංඛ 91, සසිත මධුරංග 62, සජිත් ද සිල්වා 59, දුවිඳු තිලකරත්න 80/2, ෂම්මු අෂාන් 61/3යි) සහ දෙවැනි ඉනිම කඩුලු 7ට 142 – (රොවින් ෆොන්සේකා 65, මුවින් අභිනාශ් 21, සවිරු බණ්ඩාර 39/5යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar