slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2022
නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය හෙට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 18 වැනිදා ආරම්භ වේ. ක්‍රීඩා සමාජ 26 ක් තරග වදින මෙම තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති.

මූලික වටය යටතේ තරග 72 ක් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කාණ්ඩයකම පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනාගෙන් නව දෙනෙකු අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයින් විය යුතු අතර අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා අවුරුදු 24 සිට 28 දක්වා වයස් මට්ටම්වල සිටිය යුතුවේ.

ශූරතාව දිනාගනු ලබන කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ද අනුශූරතාවට පත්වන කණ්ඩායමට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු යොදා තිබේ. ඊට අමතරව තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නාටද මුදලින් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ.

අවසන් පූර්ව තරග අප්‍රේල් මස පළමු සහ දෙවැනි සතිවලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය සිංහල අවුරුදු කාලයෙන් පසු හෙවත් අප්‍රේල් 22, 23 සහ 24 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇත.

ඒ ඒ කාණ්ඩ යටතේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩා සමාජ මෙසේය.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee