slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තවත් පාසල් 252 කට ක්‍රිකට් උපකරණ පිරිනමයි

sinhala editor

මෙරට කණිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තවත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අලුතින්ම දියත් කරන ලද ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනෙහි තවත් අදියරක් වන දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක් ආවරණය වන පරිදි පාසල් 252 ක් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම අද (පෙබරවාරි 11 දා) පෙරවරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රිකට් උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල, යාපනය, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, මාතලේ, මහනුවර, පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහා බෙදාදෙන ලදී.‍

පෙ.ව. 10.00 ට ආරම්භ වුණු මෙම ක්‍රිකට් උපකරණ බෙදාදීමේ උත්සවයේ ඇති සුවිශේෂීතාව වූයේ දිස්ත්‍රික්ක 18 කට අයත් පාසල් 239 කට එකවරම බෙදා දීම වේ. යාපනය දිස්ත්‍රික්කයට අයත් පාසල් 13 ට පමණක් වූ උපකරණ බෙදා දීම පස්වරුවේදී සිදුකෙරිණ. 

වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහා ලබා දෙන ලද මෙම ක්‍රිකට් උපකරණ කට්ටල බෑගයට, ක්‍රිකට් පිති 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කලව ආවරණ 3 ක්, (තයි පෑඩ්ස්), කඩුලු රැකීම සඳහා යොදාගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් ඇතුළත්වේ.

අද දිනයේ සිදුකරන ලද මෙම භාණ්ඩ පරිත්‍යාග කිරීමට අමතරව ජනවාරි 28 සහ පෙබරවාරි 02 යන දිනයන්වලදී,  බස්නාහිර පළාතේ පාසල් 145 ක් සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. එහිදී බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පාසල් 50 කටද මෙම ක්‍රිකට් උපකරණ බෙදාදීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව තුළ උපත ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලලීමේ උදාරතර පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහන යටතේ ක්‍රිකට් උපකරණ බෙදාදීමට අමතරව ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යනු ලබන සෑම පාසලටකම අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබාදීමට පියවරගෙන තිබීම විශේෂත්වයකි. ඒ වෙනුවෙන් කොන්ක්‍රීට් විකට්ටු 200 ක්, පැති පුහුණු තණතීරු 50 ක්, ප්‍රධාන තණතීරු 25 ක්, තලන යන්ත්‍ර 400 ක් සහ ලණු පැදුරු (මැටින්) 400 ක් (ජ්‍යෙෂ්ඨ 200 ක් සහ කනිෂ්ඨ 200 ක් වශයෙන්) ලබාදීමටත් මේ වන විටත් පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee