slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2022
නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය හෙට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 18 වැනිදා ආරම්භ වේ. ක්‍රීඩා සමාජ 26 ක් තරග වදින මෙම තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති.

මූලික වටය යටතේ තරග 72 ක් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කාණ්ඩයකම පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනාගෙන් නව දෙනෙකු අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයින් විය යුතු අතර අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා අවුරුදු 24 සිට 28 දක්වා වයස් මට්ටම්වල සිටිය යුතුවේ.

ශූරතාව දිනාගනු ලබන කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ද අනුශූරතාවට පත්වන කණ්ඩායමට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු යොදා තිබේ. ඊට අමතරව තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නාටද මුදලින් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ.

අවසන් පූර්ව තරග අප්‍රේල් මස පළමු සහ දෙවැනි සතිවලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය සිංහල අවුරුදු කාලයෙන් පසු හෙවත් අප්‍රේල් 22, 23 සහ 24 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇත.

ඒ ඒ කාණ්ඩ යටතේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩා සමාජ මෙසේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee