slc
logo
Home   |    News
පෙබරවාරි 27, 2022
අවිශ්ක තරිඳුගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ දෙවැනි දින (26) පැවැති තරග නිමවන විට කණ්ඩායම් කිහිපයක්ම පහසු ජයග්‍රහණ හිමිකරගන්නා තත්ත්වයක පසුවිය. රාගම – පානදුර තරගයේදී රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු පන්දු 285කට මුහුණදී හතරේ 22ක් හයේ පහර තුනක් සමඟ ලකුණු 215ක් ලබාගනිමින් මේ තරගාවලියේ තුන්වැනි ද්විත්ව ශතකය වාර්තා කළේය.

බදුරලිය සහ නුගේගොඩ අතර තරගයේදී නුගේගොඩ කණ්ඩායමේ නිමේෂ් ගුණසිංහ පන්දු 247කට මුහුණදී හතරේ 21ක් සමඟ ලකුණු 180ක් රැස්කිරීමට සමත්විය.

එස්.එස්.සී අසීරු තත්ත්වයක

කටුනායක පැවැත්වෙන මේ තරගයේදී ගුවන් හමුදාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 412ට පිළිතුරු ලෙස එස්.එස්.සී මුල් ඉනිමේදී ලකුණු 88ක්ද දෙවන දින නිමවන විට දෙවන ඉනිමේදී ලකුණු 56කට කඩුලු පහක්ද දැවී අසීරු තත්ත්වයක පසුවේ. ඔවුනට ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 268ක් අවශ්‍යය.

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 9ට 412යි.

එස්.එස්.සී මුල් ඉනිම 88යි– (සිනෙත් ජයවර්ධන 22, කවිඳු නදීෂාන් 14, මොවින් සුබසිංහ 18/3, නදීර ඉෂාන් 28/3යි) සහ දෙවන ඉනිම කඩුලු 5ක් දැවී 56යි පන්දුවාර 16යි – ( චමිදු වික්‍රමසිංහ 30, නදීර ඉෂාන් 31/4යි)

සී.සී.සී. ජයග්‍රහණයකට සැරසෙයි

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන නාවික හමුදාවට මේ තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ ලකුණු 218ක් අවශ්‍ය වේ.

නාවික හමුදාව මුල් ඉනිම 170යි සහ දෙවන ඉනිම 1/1යි.

සී.සී.සී පළමු ඉනිම කඩුලු 6ට 389යි– (මිනෝද් භානුක 180, පන්දු 193යි හතරේ 20යි හයේ 4යි) මාලිංග අමරසිංහ 69, සොනාල් දිල්ෂාන් 68, පූර්ණ චාරුක 71/2යි

ජයපැරදුමෙන් තොර තරගයක ලකුණු

කණ්ඩායම් දෙකම සම තත්ත්වයක පසුවන මේ තරගය බොහෝදුරට ජය පැරැදුමින් තොරව කෙළවර වන තත්ත්වයක පසුවේ.

ලන්කන් මුල් ඉනිම 165යි දෙවන ඉනිම කඩුලු 1ට 85යි පන්දුවාර 32යි – (අයි.දිසානායක නොදැවී 33, ළහිරු දිල්ෂාන් 22, තීෂාන් විතුෂාන් 23/1යි)

මුවර්ස් මුල් ඉනිම 236යි – (රිසිර වීරසූරිය 72, අදීෂ තිලංචන 39, පසිඳු සූරියබණ්ඩාර 42, යසිරු රුද්‍රිගෝ 56/6යි, සළිඳු සත්සර 19/2)

එන්.සී.සී. ජය පෙනෙන මායිමේ

එන්.සී.සී.මේ තරගයෙන් ඉනිමක පහසු ජයක් අත්කර ගන්නා තත්ත්වයක පසුවේ. කුරුණෑගල යූත් දෙවන ඉනිමේදී ඉනිමක පරාජයෙන් බේරීමට කඩුලු පහක් පමණක් ඉතිරිව ලකුණු 245ක් අවශ්‍යව සිටී.

එන්.සී.සී.පළමු ඉනිම කඩුලු 8ට 434යි

කුරුණෑගල යූත් පළමු ඉනිම 147යි – (දිල්ෂාන් රණතුංග 35, අසිත වන්නිනායක 34, ළහිරු අබේසිංහ 25, අෂේන් ඩැනියල් 39/4, ජොහාන් ද සිල්වා 24/2යි) සහ දෙවන ඉනිම කඩුලු 5ට ලකුණු 42යි – (මුදිත ප්‍රේමදාස 27, ජොහාන් ද සොයිසා 10/2, කවිඳ ඉෂාර 4/2යි)

දෙපිළටම විවෘත තරගයක්

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් අවසාන කඩුලු හය ඉක්මණින් දවාගැනීමට නිගම්බු සමත්වන්නේ නම් ඔවුනට ජය ගැනීමටද අවස්ථාව ඇත.

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 141යි සහ දෙවන ඉනිම කඩුලු 4ට 134යි– (කවින් නරෙස් 56, දක්ෂිත ප්‍රනාන්දු නොදැවී 26, නිශාන් පීරිස් 39/1යි)

නිගම්බු පළමු ඉනිම 196යි – (අමෝද් විදානපතිරණ 61, පසිඳු ලක්ෂාන් 50, දිලීප ජයලත් 62/5, රාජේන්ද්‍ර අරවින්ත් 71/5යි)

ජය පැරදුමෙන් තොර ලකුණු

මේ තරගයේ ප්‍රථම ඉනිමවත් තවම නිමව නොමැති හෙයින් තරගය ජය පැරැදුමින් තොරව නිමවන ලකුණු දැනටම පහළ කර ඇත.

රාගම පළමු ඉනිම කඩුලු 6ට ලකුණු 500 – (අවිශ් තරිඳු 215, (පන්දු 285යි හතරේ 22යි හයේ තුනයි) ඩී.බණ්ඩාර 74, සංජුල බණ්ඩාර 55, ටී.දික්වැල්ල 38, සසංක නිර්මාල් 207/3යි)

පානදුර කඩුලු 5ට ලකුණු 83යි – (කෝසල රවිඳු 33, දුනිත් ජයතුංග 29, හරීන් රත්නමුදලි 34/3යි, දුලාජ් අෂේන් 4/1යි)

කෝල්ට්ස් ජය පෙනෙන තැනක

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබන තත්ත්වයක පසුවේ.

ගෝල් පළමු ඉනිම 137යි  සහ දෙවන ඉනිම කඩුලු 5ට 114යි – (තරිඳු අමරසිංහ 38, සුභානු රාජපක්ෂ 34, දිල්ෂාන් මධුශංඛ 42/3)

කෝල්ට්ස් පළමු ඉනිම 313 – (ජෙහාන් ඩැනියල් 48, හර්ෂ රාජපක්ෂ 46, ශලිත් ද මෙල් 35, අවිශ්ක පෙරේරා 32, රොහාන් සංජය 32, දිල්ෂාන් මධුශංඛ නොදැවී 29, කවිඳු දිල්හාර 94/4, සුභානු රාජපක්ෂ 71/4යි)

කැන්ඩි කස්ටම් ධෛර්යවන්ත පිතිහරඹයක

බී.ආර්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවන දින නිමවන විට පළමු ඉනිම පවා නිමව නොපැවැති හෙයින් මේ තරගය ජය පැරැදුමින් තොරව නිමවන ලකුණු පහළ කර තිබිණි.

බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 9ට 308යි

කැන්ඩි කස්ටම් පන්දුවාර 82කදී කඩුලු 7ට 292යි – (රශ්මික මධුශංඛ 91, සසිත් මධුරංග 62, සජිත් ද සිල්වා 59, නදීෂ් බණ්ඩාර 55, දුවිඳු තිලකරත්න 71/2, සවිරු බණ්ඩාර 60/2, කවිඳු එදිරවීර 48/2යි)

යුද හමුදාව ජයග්‍රහණය අභිමුව

පනාගොඩ පැවැත්වෙන මේ තරගයෙන් යුද හමුදාවට තෙවන දින කළින්ම පහසු ජයග්‍රහණයක් අත්කර ගතක හැකි තත්ත්වයක් උදාවී තිබිණි.

ඒස්කැපිටල් මුල් ඉනිම 93යි සහ දෙවන ඉනිම කඩුලු 8ට 164යි – (වයි.අවිශ්ක 47, පී.දාබරේ 28, නිපුන් ලක්ෂාන් 25, කෞමාල් නානායක්කාර 58/5, අෂාන් දිල්හාර 24/2)

යුද හමුදාව පළමු ඉනිම 172යි – (තුලින දිල්ෂාන් 30, පැතුම් බොතේජු 30, සිතුම් දිසානායක 24/5, මෙතුෂාන් තිළිණ 59/5)

නිමේෂ්ගෙන් ලකුණු 180ක්

නුගේගොඩ කණ්ඩායම මේ තරගයේදී ඉදිරියෙන්ම පසුවන අතර මේ කණ්ඩායමේ නිමේෂ් ගුණසිංහ පන්දු 247කදී හතරේ 21ක් සමඟ ලකුණු 180ක් ලැබීය.

බදුරලිය මුල් ඉනිම 137යි සහ දෙවන ඉනිම 74/0යි – (අෂේන් ගුණවර්ධන නොදැවී 36, කේ.වික්‍රසිංහ නොදැවී 35.)

නුගේගොඩ පළමු ඉනිම කඩුලු 9ට 499යි පන්දු වාර 101.1යි (නිමේෂ් ගුණසිංහ 180, අභිෂේක් ලියනආරච්චි 99, රාහුල් ගුණසේකර 88, නවීන් ප්‍රනාන්දු 42, තරිඳු වික්‍රමආරච්චි 153/4ත, සෙනල් ද සිල්වා 57/2)

නොවිසඳෙන ලකුණු

මොරටුවේ පැවැත්වෙන මේ තරගයේ ප්‍රථම ඉනිම පවා තවම නිමවන තත්ත්වයක නොපවතින හෙයින් තරගය ජයපැරැදුමින් තොරව නිමවන තත්ත්වයක පවතී.

චිලව් මේරියන්ස් ප්‍රථම ඉනිම 351යි  – (රවින් යසස් 100, අයෝජ් ප්‍රනාන්දු 80ථ, අභිෂේක් ආනන්ද 36, දිලේෂ් ෂෙනල් 28, හසේන් රාමනායක 52/3, කවික දිල්ෂාන් 101/2යි, සසංක නිර්මාල් 51/2යි)

සරසන්ස් මුල් ඉනිම කඩුලු 4ට 165යි – ශෂික පල්ලියගුරු 39, නවනිඳු විතා‍නගේ නොදැවී 62, චානක තරිඳු 41/2, රවින් යසස් 17/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee