slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2022
පොදුරාජ්‍ය මණ්ඩල ‘රන් ගැටුමට’ ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයෙන්

sinhala editor

ජූළි 29 වැනිදා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී ආරම්භ වන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ඇතුළත්ව තිබෙන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග ඉසව්ව යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය සමඟ එක්ව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර සිටියි.

කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා අවසන් වරට සුදුසුකම් ලද කණ්ඩායම බවට පත්වූයේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වේ. ඔවුන් මැලේසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් මෙම අවස්ථාවට සුදුසුකම් ලබා ගනු ලැබීය.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, බාබඩෝස්, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන රටවල් තරග වදිති. පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියක් බැවින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයට එක්ව තරග කිරීමේ අවස්ථාව මෙම තරගාවලියේදී අහිමි වේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී එයට අයත් දූපත් තනි තනිව තරග කිරීම එම තත්ත්වයට හේතුවී තිබෙන බැවින් ඒ සඳහා බාබඩෝස් පමණක් මෙවර තරගාවලියට තරග කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

‘ඒ’ හා ‘බී’ කාණ්ඩ යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන මෙම තරගාවලියේදී එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ එදිරිවාදීහු බවට පත්ව සිටිති.  අවසන් වරට පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ලාභීන් වන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ‘ඒ’ කාණ්ඩය යටතේ ඉදිරිපත්වද්දී පාකිස්තානු කණ්ඩායමද ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කිරීම නිසා එම කාණ්ඩයට වැඩි අවධානයක් යොමු වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩල තරග ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව එක්වන දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් වන මෙවර තරගාවලියේ පදක්කම් සඳහා වන අවසන් මහ තරගය අගෝස්තු මස 07 වැනිදා පැවැත්වෙනු ඇත. මීට පෙර අවසන් වරට 1998 වසරේදී ක්වාලලාම්පූර්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබුණු අතර ෂෝන් පොලොක්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. ස්ටීව් වෝගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහ තරගයේදී කඩුලු 4 කින් පරාජයට පත් කරමින් එම සුවිශේෂී රන් පදක්කම දකුණු අප්‍රිකානුවෝ දිනාගත්හ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee