slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2022
ප්‍රථම දිනයේම ශතක හතරක්

sinhala editor

By Bandula Molligoda

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (18) ආරම්භවූ අන්තර් සමාජ නැගීඑන ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වන තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය රැස්කිරීමට එන්.සී.සී කණ්ඩායමේ ජොහාන් ද සිල්වා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමඟ පැවැති මේ තරගයේදී ජොහාන් පන්දු 148කට මුහුණදී හතරේ 12ක් සහ හයේ පහරක් සමඟ මෙම ශතකය ලැබීය. මේ පිතිකරු එන්.සී.සී.පළමු කඩුල්ලට හසිත බෝයගොඩ සමඟ ලකුණු 193ක් රැස්කිරීමට සමත්වූහ.

මෙදින ශතක වාර්ථාකළ සෙසු පිතිකරුවන් වූයේ යුධ හමුදාවේ සෙහාන් ප්‍රනාන්දු (කැන්ඩි කස්ටම්ට එරෙහිව 100) කොල්ට්ස් කාණ්ඩායමේ රවිඳු රසන්ත (කළුතර නාගරික කණ්ඩායමට එරෙහිව නොදැවී 100) සහ මූවර්ස් කණ්ඩායමේ දිනුක දිල්ශාන් (නාවික හමුදාවට එරෙහිව 111) වශයෙනි.

පානදුර සහ බදුරලිය අතර තරගයේදී බදුරලිය ලබාගත් ලකුණු 249ට පානදුර ප්‍රබල පිළිතුරක් ලබාදුන් අතර ගෝල් – බී.ආර්.සී ගැටුම සම තත්ත්වයක පැවැතිණි.

එන්.සී.සී 342/6 යි

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී – බ්ලූම්ෆීල්ඩ් තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ ජොහාන් ද සිල්වා ශතකයක්ද (100) හසිත බෝයගොඩ ලකුණු 91ක්ද ලබාගැනීම මත ප්‍රථම දිනය නිමවන විට ඔවුනට කඩුලු හයකට ලකුණු 342ක් ලබා ප්‍රබල තත්ත්වයකට ඒමට අවස්ථාව ලැබිණි.

මේ පිතිකරුවන් දෙදෙනා මුල් විකට්ටුවට පන්දු වාර 45.5කදී ලකුණු 193ක් රැස්කළහ. රාජේන්ද්‍රන් අරවින්ත් දිනයේ අවසාන භාගයේ කඩුලු හතරක් දවාලීමට සමත්විය.

එන්.සී.සී පළමු ඉනිම කඩුලු 6ට 342 (පන්දු වාර 90) (ජොහාන්ද සිල්වා 100, හසිත බෝයගොඩ 91, දිනෙත් ජයකොඩි නොදැවී 64, රාජේන්ද්‍රන් අරවින්ත් 82/4)

පානදුරෙන් ප්‍රබල පිළිතුරක්

බදුරලිය සහ පානදුර අතර පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී බදුරලිය මුල් ඉනිමේ ලබාගත් ලකුණු 249ට ප්‍රබල පිළිතුරක් දුන් පානදුර කණ්ඩායම දිනය නිමවන විට කඩුල්ලක් දැවී ලකුණු 95ක් ලබාසිටියේය. පානදුර කණ්ඩායමේ මළිඳු මධුරංග පන්දු 72කදී හතරේ 11ක් හයේ දෙකක් සමඟ ලකුණු 81ක් ලැබීය.

බදුරලිය පන්දුවාර 60.2කදී සියල්ල දැවී 249යි – (මළිඳු මධුරංග 81, අෂේන් ගුණවර්ධන 57, උමයංග සුවාරිස් 48, සසංක නිර්මාල් 76/4යි, අකිල සෙනේෂ් 52/2යි)

පානදුර පන්දුවාර 27කදී කඩුලු 1ට 95යි – (හෙෂාන් වෙල්ගම 34, දුනිත් ජයතුංග නොදැවී 32, රවිශ්ක විජේසිරි 20/1යි)

ගෝල් – බී.ආර්.සී කරට කර සටනක

බී.ආර්.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ප්‍රථම දින නිමවන විට දෙපිලටම විවෘතව පැවැතිණි. කිසිදු පිතිකරුවකුට අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට නොලැබිණි.

බී.ආර්.සී පළමු ඉනිම පන්දුවාර 58.5කදී සියල්ල දැවී 191යි – (විනුර දුල්සර 39, චමෝද් සඳරු 46, සවිඳු උත්සර 37, හරින් බුද්ධිල 38/3, සුභානු රාජපක්ෂ 34/3, කවිඳු දිල්හාර 46/2)

ගෝල් පන්දුවාර කඩුලු 5ට 118යි – (දුල්සර උදයංග නොදැවී 34, දිල්ෂාන් කාංචන 29, සුභානු රාජපක්ෂ 20, සවිඳු උත්සර 17/2)

සී.සී.සී ඉදිරියෙන්

සී.සී.සී – ගුවන් හමුදා තරගයේදී ගුවන් හමුදා පිල ලකුණු 129කට දවාලු සී.සී.සී කණ්ඩායම දිනය නිමවන විට කඩුලු 2කට ලකුණු 159ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. සී.සී.සී වෙනුවෙන් පවන් වීරසිංහ නොදැවී ලකුණු 92ක්ද සුවත් මෙන්ඩිස් සහ දෙවිඳු කැකිරදෙණිය කඩුලු තුන බැගින්ද දවාලූහ. ගුවන් හමුදාව පන්දුවාර 43.4කදී 129යි – (කළණ විජේසිරි 21,දෙවිඳු කැකිරදෙණිය 16/3, සුවත් මෙන්ඩිස් 24/3, චමිඳු විජේසිරි 28/2)

සී.සී.සී කඩුලු 2ට 159යි (පන්දුවාර 44යි) – (පවන්ත වීරසිංහ නොදැවී 92, රොන් චන්ද්‍රගුප්තා 39)

මුවර්ස් කණ්ඩායමේ දිනුකගෙන් ශතකයක්

මුවර්ස් කණ්ඩායමේ දිනුක දිල්ෂාන් පන්දු 170කදී හතරේ 16ක් හයේ පහරක් සමඟ ලකුණු 111ක් රැස්කිරීම මුවර්ස් සහ නාවික හමුදාව අතර තරගයේ ප්‍රථම දින විශේෂ සිදුවීම විය.

මුවර්ස් සියල්ල දැවී 263යි – (දිනුක දිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර 37, ආදිත්‍ය සිරිවර්ධන 19,දනුජ ඉඳුවර නොදැවී 19)

නාවික හමුදාව පන්දුවාර 13කදී කඩුලු 1ට ලකුණු 36 යි.

යුද හමුදාව ඉදිරියෙන්

යුද හමුදාවේ ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 175කදී හතරේ පහර හතක් සමඟ ලකුණු 100ක් රැස්කිරීමට මෙදින සමත්විය. යුද හමුදාව පන්දුවාර 79.3කදී සියල්ල දැවී 291 – (ෂෙහාන් ප්‍රනාන්දු 100යි, පැතුම් බොතේජු 61, සෙනද සොයිසා 41, තිමිර මල්ෂාන් 59/3, මර්වින් අවිනාශ් 64/3)

කැන්ඩි කස්ටම් පන්දුවාර 8කදී කඩුලු 2ට 31යි – (කෞෂාල් නානායක්කාර 3/2)

කුරුණෑගල ලකුණු 180 ට දැවී යයි

හලාවත මේරියන්ස් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම මත කුරුණෑගල කණ්ඩායම ලකුණු 180කට මෙදින දැවීගියේය.

කුරුණෑගල පන්දුවාර 77.1කදී සියල්ල දැවී 180යි – (දුලාජ් රණතුංග 70, සංජීව ප්‍රියදර්ශණ 38, විභාවි ඇහැලේපොල 28, රවින් යසස් 33/3, මලීෂ දේශාන් 24/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 10කදී කඩුලු 1ට 28 – (හරිඳු ජයසේකර නොදැවී 28)

කලුතර නාගරික අඩු ලකුණුවලට දැවී යයි

කලුතර නාගරික කණ්ඩායම පන්දුවාර 49.2කදී 125යි

කෝල්ට්ස් පන්දුවාර 36කදී කඩුලු 1ට 187යි – (රවිඳු රසන්ත නොදැවී 100)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee