slc
Home   |    News
මාර්තු 20, 2022
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දින තීන්දු වෙයි

sinhala editor

By Chamila Karawita

ආසියානු කළාපයේ රටවල් අතර දක්ෂතා මැන බැලෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මාර්තු 19 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. කොළඹදී අද පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් මෙවර පැවැත්වෙන්නේ ආසන්න වශයෙන් වසර 4 කට පසුව වීම කැපී පෙනෙයි.

ඉන්දීය ජාතික ජේ ෂා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වාර්ෂික මහ සභා රැස්වීමේදී ඉදිරි 2024 වසරේ පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම දක්වා වූ කාල සීමාවේදී ද ඒ මහතාම කටයුතු කරනු ලබනු බව එම කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළත් වත්මන් විධායක කමිටුවද 2024 දක්වා ජේ ෂා මහතා සමඟ කටයුතු කරනු ඇත.

ඉදිරි කාලය ඇතුළත ආසියානු කළාපයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිත බව එම සභාව ඇමැතූ සභාපති ජේ ෂා මහතා සඳහන් කර සිටියේය. එහදී ආසියානු කළාපීය තරගාවලියක් පැවැත්වීම සඳහා වැඩි උනන්දුවක් ගනු ලබන බවද ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර 2000 වසරේ සටම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සම සාමාජිකයකු ලෙසින් සිටි කටාර් රාජ්‍යයටද මේ වසරේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය ලබාදීමද මෙහිදී සිදුවිය.

ආසියාවේ ප්‍රභලම රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ඝගනිස්තානය යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජනය කරමින් මෙම වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගිවූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා සහභාගිවිය.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest