slc
logo
Home   |    News
මාර්තු 27, 2022
ජැෆ්නා  අවසන් කණ්ඩායම් 4 වටය අභිමුවට

sinhala editor

නැෂනල් සුපර් ලීග් තරගාවලියේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැත්වෙන තීරණාත්මක දඹුල්ල සහ ජැෆ්නා අතර තරගයේ දඹුල්ල පළමු ඉනිමට රැස් කරන ලද ලකුණු 283 ට පිළිතුරු ලෙස තරගයේ තෙවන දිනය වූ  අද ( 26) තරගය නිමවනවිට ජැෆ්නා කඩුලු 7 ක් දැවී ලකුණු 354ක් ලබා සිටියේ දඹුල්ල මුල් ඉනිමට කඩුලු තුනක් අතැතිව ලකුණු 71ක් ඉදිරියෙනි. දෙවන දින කිසිවෙකු නොදැවී ලකුණු 45ක් ලබා සිටි ජැෆ්නා  කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 309ක් එක්රැස්කර ගත හැකි වූයේ කඩුලු 7ක් පමණක් දැවී යාමෙනි. මෙම තරගයේ ප්‍රතිඵලය අනුව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට තීරණාත්මක වන අතර එහිදී වැඩි වාසි ජැෆ්නා කණ්ඩායම විසින් මේ වන විටත් අත්කරගෙන සිටියි.

ජැෆ්නා පිතිකරුවන් තිදෙනෙකුම මෙදින අර්ධ ශතක වාර්තා කරද්දි කණ්ඩායමේ පිතිකරුවන් අටදෙනෙකුම ලකුණු 25 ඉක්මවා රැස් කිරීම  ජැෆ්නා ඉනිමේ විශේෂත්වයකි. අර්ධ ශතක ලබාගත් පිතිකරුවන් වූ නිශාන් මධුෂ්ක ලකුණු 69ක්ද ජනිත් ලියනගේ ලකුණු 69ක් ද  සුමින්ද ලක්ෂාන් ලකුණු 52ක්ද රැස් කිරීමට සමත් වූහ.

ලකුණු අතර සිටි අනෙක් පිතිකරුවන් වූයේ අවිශ්ක තරිඳු (ලකුණු 40), දිලුම් සූධිර (නොදැවී 31), ගීත් කුමාර (ලකුණු 26) ධනංජය ද සිල්වා (ලකුණු 25) සහ නවෝද් පරණවිතාන (ලකුණු 26 යි) ය.

ජැෆ්නා කණ්ඩායමකින් මෙදින වාර්ථා වූ හොඳම සබඳතාවයන් දෙක වූයේ දෙවන කඩුල්ලට නිශාන්  මධුෂ්ක සහ සුමින්ද ලක්ෂාන් පන්දු 186කදී රැස් කළ ලකුණු 100 සහ හයවන කඩුල්ලට ජනිත් ලියනගේ සහ අවිශ්ක තරඳු පන්දු 118කදී එක්කළ ලකුණු 86 වේ. මේ සිව්වන තරගයේ අවසාන දිනය ඉරිදා (27) ජැෆ්නා කණ්ඩායමටද ප්‍රමාණවත් වැඩි ලකුණු සංඛ්‍යාවක් මුල් ඉනිමේදී නොමැති හෙයින් තරගය බෝහෝ දුරට නිම  වීමට ඉඩ ඇත්තේ විසඳුමකින්  තොරවය

ලකුණු විස්තරය

දඹුල්ල මුල් ඉනිම 283 ( පන්දුවාර 99.5 යි) – (ලසිත් අබේරත්න 68,දුෂාන්ත හේමන්ත 63,මිනොද් භානුක 53,චමිඳු   විජේසිංහ 35 ,ලියෝ ෆැන්සිස්කෝ 24 නිමේෂ් ගුණසිංහ 17,නුවන් ප්‍රදීප් 52 / 7 යි )

ජැෆ්නා මුල් ඉනිම කඩුලු 7ට  354 ( පන්දු 118 යි) – (නිශාන් මධුෂ්ක 69 ,ජනිත් ලියනගේ  69,සමිඳු ප්‍රනාන්දු 52,අවිශ්ක  තරිඳු 40, ගිත් කුමාර 26 ,නවෝද් පරණවිතාන 26,ධනංජය සිල්වා 25, මලින්ද පුෂ්පකුමාර 131/4  මාලිංග අමරසිංහ 12/1 යි)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee