slc
Home   |    News
මාර්තු 23, 2022
ප්‍රධානතම කාන්තා ක්‍රිකට් තරගාවලියත් ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (23 වැනිදා) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ විය. කණ්ඩායම් 8 ක් අතර පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඉකුත් වසරේ පරිදිම තරග වදින කණ්ඩායම් අතර ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් 2 බැගින් තරග වදිනු ලබන අතර ඊට අමතරව නාවික හමුදාවෙන්, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, සීනීගගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තරග වදින සෙසු කණ්ඩායම් වෙති. මෙම තරගාවලිය ලබන අප්‍රේල් මස 09 වැනිදායින් අවසන් වනු ඇත.

ඒ අනුව අද දිනයේදී යුද හමුදා ‘ඒ’ පිල සහ කෝල්ට්ස් පිල පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේද, ගුවන් හමුදා ‘ඒ’ සහ යුද හමුදා ‘බී’ අතර කටුනායක ගුවන් හමුදා පිටියේදීද, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ‘බී’ කණ්ඩායම අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදීද සහ හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත.

ගිය වසරේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ලීග් තරගාවලියේ පෙරමුණට පැමිණෙමින් නාවික හමුදා කණ්ඩායම ශූරතාව දිනා ගනිද්දී එම සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම අනුශූරියන් ලෙස පත්විය.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest