slc
Home   |    News
මාර්තු 20, 2022
සරසන්ස් – නිගම්බු- කස්ටම් කලින්ම දිනයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සතිඅන්තයේ පැවැති තරග අතුරින් දෙවන දිනය (19) නිමවන විට සරසන්ස්, නිගම්බු සහ කැන්ඩි කස්ටම් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. නිගම්බු කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 50කින් කුරුණෑගල යූත් පිලද සරසන්ස් කඩුලු 7කින් බ්ලූම්ෆීල්ඩ් පිලද කැන්ඩි කස්ටම් කඩුලු තුනකින් වරාය අධිකාරියද (ඒස් කැපිටල්) පරාජය කරමින් අදාළ ජයග්‍රහණ වාර්තා කළහ.

ගුවන් හමුදා – මුවර්ස් තරගයේදී ගුවන් හමුදාවේ උදයවංශ පරාක්‍රම පන්දු 234කදී හතරේ 16ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 169ක් ලැබීය. වරාය – කැන්ඩි කස්ටම් තරගයේදී වරාය කණ්ඩායමේ මෙතුෂාන තිළිණ මුල් ඉනිමේදී ලකුණු 61කට කඩුලු අටක්ද දෙවන ඉනිමේ ලකුණු 47කට කඩුලු හතරක්ද දවා සම්පූර්ණ තරගයේදී කඩුලු 12ක් දවාලීමට සමත්විය.

සරසන්ස් කඩුලු 7කින් ජයගනියි

බ්ලුම්ෆිල්ඩ් මුල් ඉනිම 174යි (දක්ෂිත ප්‍රනාන්දු 43, නිපුන් හග්ගල්ල 31, කමික දිල්ෂාන් 63/6)

සරසන්ස් මුල් ඉනිම 138 – (සඳුන් මෙන්ඩිස් 38, ප්‍රමෝද් මධුවන්ත 22යි, දිලීප ජයලත් 32/4, රාජන්ද්‍රන් අරවින්ත් 61/3)

බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම 107 පන්දුවාර 29.2 – (සෙනුර සිල්වා 57, මළිඳ පෙරේරා 23,චිහාන් කළිඳු 10, කවික දිල්ෂාන් 48/6, ප්‍රමෝද් මධුවන්ත 54/3)

සරසන්ස් දෙවන ඉනිම කඩුලු 3ට 144යි පන්දුවාර 24.1යි – (චාමික ප්‍රනාන්දු නොදැවී 71, කවීෂ කහතුඩුව ආරච්චි නොදැවී 63, රාජේන්ද්‍රන් අරවින්ත් 42/3යි)

නිගම්බුට ඉනිමක හා ලකුණු 50ක ජයක්

කුරුණෑගල යූත් මුල් ඉනිම 65 – (කවිඳු ඒකනායක 18, ෂෙෂාන් ප්‍රනාන්දු 26/6, නිශාන් පීරිස් 13/3)

නිගම්බු මුල් ඉනිම 284 පන්දුවාර 74.3යි – (රශ්මික මෙවන් 71, පසිඳු ලක්ශංඛ 68, නිශාන් පීරිස් 32, දිමුත් සඳරුවන් 21, අසිත වන්නිනායක 78/5, සංජීවන් ප්‍රියදර්ශන 37/2)

කුරුණෑගල යූත් දෙවන ඉනිම 169 පන්දුවාර 46 – (මුදිත ප්‍රේමදාස 41, දුලාජ් රණතුංග 39, සංජීව ප්‍රියදර්ශණ 33, පසිඳු උස්හෙට්ටිගේ 64/6, නිශාන් පීරිස් 45/4)

කැන්ඩි කස්ටම් කඩුලු තුනකින් ජයගනියි

වරාය අධිකාරිය මුල් ඉනිම 170 – (සවන් කංකානමගේ 93, අමිත දාබරේ 20, අයේෂ් හර්ෂන 58/5, පසන් පෙතියාගොඩ 23/3)

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 205 පන්දුවාර 58.2 – (නිර්මල ප්‍රනාන්දු 64, තිමිර මල්ෂාන් 50, කවිඳු ලක්ෂාන් 35, මෙතුෂාන් තිළිණ 61/8)

වරාය දෙවන ඉනිම 118යි පන්දු වාර 35.4යි – (පසිඳු ආධිත්‍ය 35, නිපුන් ලක්ෂාන් 23, ටී.බාස්කරන් 20, අයේෂ් හර්ෂණ 42/5, සසිත් මදුරංග 35/3)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම කඩුලු 7ට 84 පන්දුවාර 25.2 – (රශ්මික මධුශංඛ 20, අයේෂ් හර්ෂණ නොදැවී 16, මෙතුෂාන් තිළිණ 47/4)

මුවර්ස් – ගුවන් හමුදාව

මුවර්ස් මුල් ඉනිම 150 – (දිනුක දිල්ෂාන් 57, මොහොමඩ් ෂමාස් 27, මුවින් සුබසිංහ 26/4)

ගුවන් හමුදාව මුල් ඉනිම 318යි පන්දුවාර 87.3 – උදයවංශ පරාක්‍රම 169, කළණ විජේසිරි 35, මුවින් සුබසිංහ 30, අයන සිරිවර්ධන 91/5, මිලාන් රත්නායක 60/2)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 2ට 130 පන්දුවාර 38යි – (දිනුක් දිල්ෂාන් නොදැවී 65, සොහාන් ඩිලිවේරා නොදැවී 33, කවිඳු රණසිංහ 22, නිමේෂ් මෙන්ඩිස් 27/2)

සී.සී.සී. – සෙබස්ටියනයිට්ස්

සී.සී.සී මුල් ඉනිම 137 – (මාලිංග අමරසිංහ 53, අංජල බණ්ඩාර නොදැවී 45, තරිඳු රත්නායක 75/4, ටෙහාන් සාෆ්ටර් 13/2)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 8ට 324 පන්දුවාර 113යි – (සඳුන් ප්‍රනාන්දු 82, තරුෂ ප්‍රනාන්දු නොදැවී 119, යොහාන් පෙරේරා 22, විමුද් සප්නක 24, බී.ජී.මෙන්ඩිස් 78/3, සොනල් දිනුෂ 101/2)

සී.සී.සී දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 48 පන්දුවාර 12 – (රොන් චන්ද්‍රගුප්ත නොදැවී 33)

ලන්කන් – නාවික හමුදාව

ලන්කන් මුල් ඉනිම235- යසිරු රුද්‍රිගෝ නොදැවී 67, විනුද ලියනගේ 35, අයි.දිසානායක 24, සුදාර දක්ෂිණ 72/6)

නාවික හමුදාව මුල් ඉනිම 209 පන්දුවාර 683යි – සුලේකා ශ්‍රිසාන් 58, අරවින්ද අකුරුගොඩ 57, පුෂ්පිත දිල්ෂාන් 32, යසිරු රුද්‍රිගෝ 24/3, පුන්නිල කුමාර 28/2, ප්‍රසන්න ජයමාන්න 13/2)

ලන්කන් දෙවන ඉනිම කඩුලු 2ට 16යි පන්දු වාර 11යි

එන්.සී.සී – චිලව් මේරියන්ස්

එන්.සී.සී. මුල් ඉනිම 222 – (ජොහාන්ද සිල්වා 64, තිවංක කැකුලවල 43, යුගීෂ දිල්ෂාන් 32, ඉරුෂ්ක තිමිර 60/4, දිලීප සෙනොල් 47/3, ෂෙෂාන් ද සිල්වා 32/3)

චිලව් මේරියන්ස් මුල් ඉනිම 236යි පන්දුවාර 80.5යි – (විශ්ව චතුරංග 106, රවින් යසස් 40, චාරුක තරිඳු නොදැවී 19, යුගීෂ දිල්ෂාන් 85/4, කවිඳ ඉෂාර 56/3, සම්පත් නිශ්ශංක 39/3)

එන්.සී.සී.දෙවන ඉනිම කඩුලු 1ට 38 පන්දුවාර 12යි (ළහිරු අත්තනායක නොදැවී 23යි)

ටැමිල් – රාගම

ටැමිල් මුල් ඉනිම 313 – (කවිඳු පතිරත්න 111, දිලුම් සුධීර 59, කමේෂ් නිර්මාල් 39, හරීන් රත්නමුදලි 66/5, එෂාන් මාලිංග 51/3)

රාගම මුල් ඉනිම 233 පන්දුවාර 72.1යි – (තෙවිඳු දික්වැල්ල 83, යොහාන් ලියනගේ 57, ළහිරු දෙවටගේ 30, දිලුම් සුධීර 75/7, සුපුන් කවිඳ 45/2)

ටැමිල් දෙවන ඉනිම කඩුලු 3ට 103යි – පන්දුවාර 25 – (දමිත් පෙරේරා නොදැවී 42, යොහාන් මෙන්ඩිස් 34, හරීන් රත්නමුදලි 23/1යි)

බදුරලිය – පොලීසිය

බදුරලිය මුල් ඉනිම 214 පන්දුවාර 95 – (මළිඳු මදුරංග 52, රවිශ්ක විජේසිරි 39, රමේෂ් සිල්වා 31, අසේල සිගේරා 43/4, කේ.කරුණාතිලක 38/2)

පොලීසිය මුල් ඉනිම 226 පන්දුවාර 73.1යි – (ආර්.ද සිල්වා 66, කේ.කරුණාතිලක 36, නදීර බාලසූරිය 32, අංජන ද සිල්වා 36/4, මළිඳු මදුරංග 14/3යි)

බදුරලිය දෙවන ඉනිම කඩුලු 2ට 30 පන්දුවාර 11යි – (උමයංග සුවාරිස් නොදැවී 25)

නුගේගොඩ – පානදුර

නුගේගොඩ ඉනිම 187 – (භාග්‍ය දිසානායක 60, දිලාන් ජයලත් 29, වෝෂිත අමරසිංහ 17/2, එරාන් හංසමාල් 19/2)

පානදුර මුල් ඉනිම 260 පන්දුවාර 59.1යි – (මළිඳු ජයෝද් 62, සදීෂ චමොද්‍ය 44, කෝසල රවිඳු 42, සසංක නිර්මාල් 22, මධුෂ්ක සඳරුවන් 93/6, මනුල පෙරේරා 48/2)

නුගේගොඩ දෙවන ඉනිම 164 – (භාග්‍ය දිසානායක 46, දිලුම් ජයලත් 26, මහේන්ද්‍ර ජයතිලක 28, අභිෂේක් ලියනආරච්චි 19, සසංක නිර්මාල් 38/6, එරාන් හංසමාල් 34/2)

පානදුර දෙවන ඉනිම කඩුලු 1ට 18

යුද හමුදාව – ගෝල්

යුද හමුදාව මුල් ඉනිම 205 – (අෂාන් දිල්හාර 61, පැතුම් බොතේජු 48, සමිත දිල්ෂාන් 28, කවිඳු දිල්හාර 28/5, සඳුන් මධුශංඛ 38/4)

ගෝල් මුල් ඉනිම 98යි පන්දුවාර 47.5යි – (කවිඳු  දිල්හාර 36, ප්‍රභාත් ද සොයිසා 20, සෙහද සොයිසා 47/5, කෞමාල් නානායක්කාර 36/4)

යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 7ට 306 – (මහේෂ් කුමාර 74, හිමාෂ ලියනගේ 77, ෂෙෂාන් ප්‍රනාන්දු 58, සමිත දිල්ෂාන් 53, සඳුන් මධුශංඛ 49/4, චමත් දිල්හාර 42/2)

ගෝල් දෙවන ඉනිම කඩුලු 2ට 82 පන්දුවාර 23 – (දිල්ෂාන් කාංචන 26, සංදීෂ් ෂමෝද් 26, කෞමාල් නානායක්කාර 25/2)

බී.ආර්.සී – කලුතර නගර

කලුතර නගර මුල් ඉනිම 222 – (කවිශ්ක මධුවන්ත 47, කවාෂ කුලසූරිය 40, තරිඳු සේනාරත්න 31, ඉමිටියාස් ස්ලාසා 54/3, කෙවින් ඊරියගම 20/2යි)

බී.ආර්.සී.මුල් ඉනිම 264යි පන්දුවාර 81.2යි – (පුබුදු බණ්ඩාර 47, විනුර දුල්සර 28, මෝදිත රණතුංග 26, තෙමල් බණ්ඩාර 80/5, කවුෂාන් කුලසූරිය 19/3)

කලුතර නගර දෙවන ඉනිම කඩුලු 1ට 30යි පන්දුවාර 12යි

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest