slc
logo
Home   |    News
මාර්තු 23, 2022
ප්‍රධානතම කාන්තා ක්‍රිකට් තරගාවලියත් ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (23 වැනිදා) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ විය. කණ්ඩායම් 8 ක් අතර පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඉකුත් වසරේ පරිදිම තරග වදින කණ්ඩායම් අතර ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් 2 බැගින් තරග වදිනු ලබන අතර ඊට අමතරව නාවික හමුදාවෙන්, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, සීනීගගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තරග වදින සෙසු කණ්ඩායම් වෙති. මෙම තරගාවලිය ලබන අප්‍රේල් මස 09 වැනිදායින් අවසන් වනු ඇත.

ඒ අනුව අද දිනයේදී යුද හමුදා ‘ඒ’ පිල සහ කෝල්ට්ස් පිල පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේද, ගුවන් හමුදා ‘ඒ’ සහ යුද හමුදා ‘බී’ අතර කටුනායක ගුවන් හමුදා පිටියේදීද, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ‘බී’ කණ්ඩායම අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදීද සහ හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත.

ගිය වසරේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ලීග් තරගාවලියේ පෙරමුණට පැමිණෙමින් නාවික හමුදා කණ්ඩායම ශූරතාව දිනා ගනිද්දී එම සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම අනුශූරියන් ලෙස පත්විය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee